හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් කුළුණුහ් ශුඩු ශඬලුහ් ථලා පිශ මේ එණ්ණේහ් - Oh, what a feeling
මැයි දිනය යනු ලංකාවේ දේශපාලන පක්ෂවලට තම බලය පෙන්වීමට ඇති අගනා අවස්ථාවකි. තම පක්ෂය විපක්ෂයේ සිටින විට පාක්ෂිකයෝ මැයි පෙළපාලිවලට සහ රැළිව...

https://www.sathhanda.com/2016/01/oh-what-feeling.html

හැත්තෑවේ දශකයේ අවසානයේ දී එවකට පැවති යූඇම්පී රජය තම මැයි දින රැළියට ජනතාව ගෙන්වා ගැනීම සඳහා ඇරඹූ එක් උපක්රමික වැඩසටහනක් වූයේ මැයි දින රැළිය සංගීත සංදර්ශනයක් බවට පෙරළීම සහ ඒ සඳහා විශේෂයෙන් ම ඉන්දියාවෙන් ගායකයින් ගෙන්වීමයි.
වරක් මේ ආකාරයට ලංකාවට පැමිණ, ගාලු මුවදොර පිටියේ පැවති යූඇම්පී මැයි රැළියට සහභාගී වූ, අද මට නම අමතක, ඉන්දියානු ගායකයෙකු විසින් සුනිල් ශාන්ත ගේ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ඉන්දියානු ආරකට, විදේශීය කටහඬකින් ගායනා කරන ලදී.
ඒ වසරේම හෝ ඊට පසු වසරක, දයාරත්න රණතුංග ගේ "ජය සිරි මා බෝධී" නම් ගීතයද මෙලෙස ඉන්දියානූ ඌරූවෙන් ගායනා කරන්නට යෙදුණි.
පටිගත කරනු ලැබූ මේ ගායනා ඉන්පසු ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් නිරතුරු ප්‍රචාරය වූ අතර, ඉන් පසු අපේ කටින් මේ ගීත ගැයෙන්නට පටන් ගත්තේ ද ඒ අලුත් තාලය සහ සිංහල බේ උච්චාරණයෙනි!
මට ඒ සිදුවීම් සිහිවූයේ වත්පොතෙන් විස්තර ලැබ, යු ටියුබය හරහා නැරඹූ භාෂී මධුභාෂීනී නම් කාන්තාවක විසින් නැවත ගායනා කරන ලද හන්තාන අඩවියේ නම් ගීතය නිසාය.
ඇත්තටම ඒ ගීතය ඇගේ මුවින් පිටවුණේ එදා සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගැයූ ආකාරයට:
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ කුසුම වදුලු තුරු සිරස නමා ගෙන මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
කියා නොව
හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
කියා ය.
රංගනය සහ ඉදිරිපත් කිරීමේ විලාසය කෙසේ වුවත්, ඈ ඒ ගිතය උච්චාරණය කළ ආකාරය නම් මගේ බඩේ දැඟලිල්ලක් සහ ඔක්කාරයක් ඇති කළේය.
භාෂී මධුභාෂීණී විසින් හන්තාන අඩවියේ නම් ගීතය භක්ෂණය කළ බව පෙනුණි!
ඇගේ ඒ උච්චාරණය එදා ඉන්දියානු ගායකයා සිංහල ගීතයක් ගයද්දී ඇති වූ ආකාරයේ එකක් නොවේ. එසේම, එය පිටරටක ඉපිද හැදී වැඩෙන දරුවෙකු තම සිංහල දෙමව්පියන් සමග කතා බහෙන් ඉගෙන ගන්නා සිංහල උච්චාරණයක් වැන්නක් බවද මට නොපෙනේ. මට නම් හිතෙන්නේ ම එය උවමනාවෙන්ම ආරූඪ කරගත් උච්චාරණයක් බවයි.
භාෂී මධුභාෂීනී මේ රියැලිටි ගායනා තරගකාරිය විසින් මීට පෙර වැඩසටහනක දී ගයා වත්පොත සහ යූ ටියුබය හරහා මා නැරඹූ සොයා දියව් යන ගීතය ශ්‍රවණය කිරීමේ දී මට ලැබුණේ මේ ආකාරයේ අනේ අපොයි අත්දැකීමක් නොවේ.
ඇය ගේ ගායනා විලාසය සහ රංගනය ගැන මට එදා ඇතිවූයේ කැමැත්තකි. මේ දෙවෙනි ගීතය සම්බන්ධයෙන්ද, රංගනය සහ ගීතය ඉදිරිපත් කළ ආකාරය මට ගෙන දුන්නේ ආස්වාදයකි. එහි යම් කිසි ලිංගික ආකර්ෂණයක් ගැබ් වී ඇතැයි පැවසීම බොරුවක් නොවේ.
මට ඇය ගේ ගායනය ගැන පරම්පරා ගැටුමක් හෝ රස වින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නැත.
නමුත්, හන්තාන අඩවියේ ගීතය හැන්ථාන ඇඩවියේහ් කිරීම ගැන නම් ඇත්තේ සංවේගයකි, සන්තාපයකි, පිළිකුලකි, කෝපයකි.
මේ පිළිබඳ මා තැබූ වත්පොත් සටහනට ප්‍රතිචාරයක් දක්වන ඉන්දික උපශාන්ත කියා තිබුණේ ශාෂී මධුභාෂිණී යන නම සහ ඇගේ ගායනය ඔහුට පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා නම් ගීතය සිහිවෙන බවයි.
චානුක වත්තේගමට අනුව මේ ගායනය ගැන මට ඇතිවූ සංවේගය, සන්තාපය, පිළිකුල සහ කෝපයට හේතුව හන්තානේ අඩවියේ ගීතය ගැන ඇති මගේ පේරාදෙණිය පිළිබඳ අතීතකාමී ෆැන්ටසියකි.
මට පේරාදෙණිය ගැන ඇතිනම් ඇත්තේ ෆැන්ටසියක් නොව රියැලිටියක් බව මම ඔහුට පිළිතුරු ලෙස ලීවෙමි.
-රසිකොලොජිස්ට් (rasikalogy.blogspot.com)
ප/ලි:
මේ ගීතය ඔබ අසා ඇතිනම් කරුණාකර ඒ ගැන හැකි පරිදි අදහස් දක්වන්න.
ප/ප/ලි:
මට කියා ගත නොහැකිව හිතේ තෙරපුණු දේ Buratheno ගේ කමෙන්ටුව නිසා වචනයට නගා ගත හැකි වුණා.
මේ ගායනයේ වරද ගායිකාව ගේ හෝ ඇගේ ගායන විලාසයේ හෝ නොවෙයි. මේ විලාසය ඒ ගීතයේ අදහසට නොගැලපීමයි. සොයා දියව් නම් ගීතයට ගැලපුනත් හන්තාන අඩවියේ ගීතය වැනි දුක්බර ගීතයකට එය ගැලපෙන්නේ නෑ.
භාෂී මධුභාෂීණි මේ ආකාරයෙන් ගායනා කළ යුත්තේ නන්දා මාලනී ගේ "මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු" වැනි ගීතයි.
තවත් මෙවැනි ලිපි කියවීම සඳහා මේ ලිපියේ ලේඛකයා ගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න.
ReplyDeleterasikalogy.blogspot.com
ස්තුතියි.
හොඳ ගායනා හැකියාවක් ඇති බවට සැක නැති භාෂී මධුභාෂිණී දැන් කළ යුත්තේ සුන්දර පදමාලාවලින් යුක්ත අප අසා ඇති, අප ප්‍රිය කරන, ගීත ඇය ආරූඪ කර ගෙන ඇති ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬින් ගැයීම නොව, ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවකින් ගීතයක් නිර්මාණය කරගැනීම බව මගේ අවංක අදහසයි.
ReplyDeleteඇයට ඒ මග පාදා දීම පිණිස ම, ඇය ප්‍රියකරන ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවක් ලියන්නට මම අදහස් කළෙමි.
මේ මා ඒ සම්බන්ධයෙන් ගත් උත්සාහයේ දළ ප්රතිඵලයයි.
http://bit.ly/1WTkjLR