මෛත්‍රීට, දුමින්දට මුලින් විනය පරීක්‍ෂණ තියා අපට තියනු. පුංචි මන්ත්‍රීන් එස්.බී.ට කන පිරෙන්න දෙයි

එස්.බී දිසානායක යහපාලන අමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ මහතාට නින්දා කිරීම දැඩිලෙස හෙලා දකින බවත්, කොච්චිකඬේ පසුගියදා පැවති රැස්වීමට සහභාගී වූ...

එස්.බී දිසානායක යහපාලන අමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ මහතාට නින්දා කිරීම දැඩිලෙස හෙලා දකින බවත්, කොච්චිකඬේ පසුගියදා පැවති රැස්වීමට සහභාගී වූයේ ප‍්‍රාදේශීය සභා, නගර සභා මන්තී‍්‍රවරුන් 551 දෙනෙකු පමණක් බවට ඔහු කරන ප‍්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු ප‍්‍රධානීන් අද(16) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරනය කලහ.

එස්.බී. දිසානායක ඇමතිවරයා තමන්ට හිතවත් 50 දෙනෙකු පමණ මෙම රැස්වීමට සහභාගීවූ බව සදහන් කර ඇති නිසා ඊට සහභාගී වූ ඔහුට හිතවත් 50 දෙනාගේ නම් මුලින් හෙලි කරන ලෙස අභියෝග කරන බවත්, එම නම් හෙලි කිරීමෙන් පසු ඊට සහභාගී වූ 1401 දෙනා පිලිබද තොරතුරු හෙලිකිරීමට තමන්ට හැකි බවත් ඔවුහු අවධාරණය කරති.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන 19ක නියෝජිතයන් අද මිනුවන්ගොඩ උඩුගම්පල පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයට රැස්ව මෙම මාධ්‍ය හමුව පැවැත්වූහ. ඔවුන් අතර ගම්පහ පලාත් පාලන ආයතන රැසක සභාපතිවරු හා උප සභාපතිවරුද වූහ.

මෙහිදී ඔවුන් දැක්වූ අදහස් මෙසේයි.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.

යහපාලන ඇමති එස්.බීගේ කතා කවුරුත් ගණන් ගන්නේ නෑ. අපි දන්නවා කොච්චිකඬේ රැස්වීමට මන්තී‍්‍රවරු 1401ක් සහභාගී වුණා. අපි ගාව ලිපි ලේඛණ තියෙනවා. යහපාලන එස්.බී.කිව්වා එයාගෙ 50ක් මේකට ආවා කියලා. පුඵවන්නං අපිට 1401 ලේඛණ ඉදිරිපත් කරන්නැයි ඔහු අභියෝග කලා. අපි එස්.බී. දිසානායක ඇමතිවරයාට අභියෝග කරනවා ඉස්සෙල්ලාම ඔයා එවපු ඔත්තු කාරයෝ 50 ගේ නම් හෙලිකරන්න.

ජම්පරේ ඇදගෙන හිරේ හිටපු එස්.බීව සමාව දීලා නිදහස් කලේ මහින්ද මහත්තය. එතුමාට අපහාස කරපු එස්.බී. කියන්නේ රටම ගද ගස්සන උරුලෑවෙක් . මේ උරුලෑවට අපි කියන්නේ එන්න අපි පෙන්නන්නම් කොච්චිකඬේට මහින්ද මහත්තය වෙනුවෙන් කොච්චර මන්තී‍්‍රවරු ආවද කියලා. අද පලාත් පාලන මන්තී‍්‍රවරුන්ගෙන් සීයට අනූ අටක්ම ඉන්නේ මහින්ද මහත්තයක් එක්කයි. එස්.බීලා ඔය කෑ ගහන්නේ ඒක දරාගන්න බැරිවයි.

බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගණේපොල මහතා.

කොච්චිකඬේ රැස්වීමට ආපු වාහන ගානයි එස්.බී ඇමතිවරයා මේ කියන්නේ . එස්.බී දිසානායක ඇමතිවරයා කල ගුණ නොදන්නා ගුණමකුවෙක් බව මු`ඵ රටම දන්නවා. ඊයේ කතාවෙන් එය නැවත තහවුරු වුණා. රනිල් එක්ක නිදිවදින ගමන් මහින්ද මහත්තයට බනින එක මේ අයගේ කොන්ත‍්‍රාත් එකක්.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පද්මකුමාර අරංගල්ල මහතා.

අද අපි මහින්ද මහත්තය වෙනුවෙන් කටයුතු කරනකොට අපේ පක්‍ෂයේ සභාපතිකන් බලෙන් ගත්ත අය අපිට විනය පරීක්‍ෂණ කැදවනවා. මේ පක්‍ෂය මෑතකදී කැඩුවේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයයි. එයාගෙ අතවැසියන් වුණු දුමින්ද දිසානායකලයි. විනය පරීක්‍ෂණ තැබිය යුත්තේ අපට නොවේ. 2015 ජනවාරි 08 වෙනිදාට පෙර පක්‍ෂය කඩාදැමූ මෛතී‍්‍රපාල, දුමින්ද දිසානායක ඇතු`ඵ පිරිසටයි. අපට විනය පරීක්‍ෂණ කරන්න පෙර ඔවුන්ට විනය පරීක්‍ෂණ කරන්නැයි අපි අභියෝග කරනවා. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉන්න ජේ්‍යෂ්ඨයන්ටයි අපි මේ අභියෝගය කරන්නේ.

මහර ප‍්‍රදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රනී සුදීමා චාන්දනී මහත්මිය.

එස්.බී. දිසානායක උරුලෑ ඇමතිවරයාගේ ප‍්‍රකාශය මෙරට කාන්තාවන් වෙනුවෙන් දැඩිලෙස හෙලා දකිනවා. අපේ රටේ බිහිසුණු යුද්ධයක් තිබුණා. මේ යුද්ධය නැති කරලා රටට නිදහස ගෙනල්ලා දුන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමාට අපහාස කරපු ඔය යහපාලන එස්.බී ඇමතිගේ කටේ පුත්තලං හොරි හැදෙන්න ඕනා. මේ රටේ සමස්ත කාන්තා පරපුරේම සාපය එස්.බී. ඇතුඵ යහපාලන නඩයට වැදෙනවා.

අත්තනගල්ල ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රියන්ත පුෂ්පකුමාර මහතා.

ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය කල් දාන්නේ හොදටම බයවෙලා. මේ ආණ්ඩුවට දැන් රාජපක්‍ෂ බීතිකාව. කණගාටුවට කරුණ තමයි ශී‍්‍ර ලංකා කියන රනිල් එක්ක නිදිවදින අයටත් මේක දැන් බෝ වෙලා. අපි අභියෝග කරනවා මේ ආණ්ඩුවට පුඵවන්නම් පලාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න. පවත්වලා බහුතර බලය පුඵවන්නම් ගන්න. අපි ලෑස්තියි. මහින්ද මහත්තයත් එක්ක එකතුවෙලා මේ ගමේ බලය දින්නන. ආණ්ඩුව දන්නවා ගම හැමදාම මහින්දට කියලා . ඒකයි මේ බයවෙලා වෙව්ලන්නේ.

කැළණිය ප‍්‍රාදේශීයය සභාවේ හිටපු මන්තී‍්‍ර චතුර ධනුෂ්ක මහතා.

සමහරු කියනවා කොච්චිකඬේට ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු ඔච්චර ආවේ වරප‍්‍රසාද වෙනුවෙන් කියලා. වරප‍්‍රසාද ගන්නවනම් අපි යන්න තිබුණේ කොච්චිකඬේට නෙමෙයි. පැජට් පාරට. අපි එහෙම ඔය ආණ්ඩුවට එකතුවුණු නිවට ශී‍්‍ර ලංක ාමැති ඇමතිවරු වගේ ආත්මය පාවා දෙන්න ලෑස්ති නෑ. මේ අය පිං ඇමතිකන් අරගෙන රාජපක්‍ෂවරු විවේචනය කරන්නේ කිසිම විලි ලැජ්ජාවක් නැතුව. පිං ඇමතිලගේ විලි ලැජ්ජා නැති කතා වලට අපේ පාක්‍ෂිකයො රැවටෙන්නෙ නෑ.

– ප‍්‍රදීප් අනුර කුමාර.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7752568850620664833

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item