ෆොන්සේකා ගත්තොත් මැකොට නඩු
එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධනගේ වියෝවෙන් හිස් වූ එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරය එම පක්‍ෂයේ මහලේකම්වරයාගේ නිර්දේශය මත ඊ...

https://www.sathhanda.com/2016/02/blog-post_25.html

සරත් ෆොන්සේකා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් එම මැතිවරණයට තරග කළේ ද නැත. එම ජාතික ලැයිස්‌තුවේ ද ඔහුගේ නම නැත. එවන් පසුබිමක ඔහුට එම මන්ත්‍රී ධුරය ලබාදීම නීතිවිරෝධී බව පෙන්වා දෙන ඒකාබද්ධ විපක්‍ෂය සරත් ෆොන්සේකා මහතාගේ නාමයෝජනාව පිළිගැනීමට මැතිවරණ කොමසාරිස්‌වරයාට ඇති එකම හේතුව දේශප්‍රිය මහතා හා ෆොන්සේකා මහතා අතර ඇති "ගමේකම හා නෑකුල ඥති සමාගමය" පමණක් ම බව පෙන්වා දෙයි.
මෙසේ නීතිවිරෝධීව, රටේ පාර්ලිමේන්තු ක්‍රමයට වැරදි පූර්වාදර්ශයක් සපයමින්, එජාප ලැයිස්‌තුවේ ඊළඟට සිටින දේශපාලනඥයාගේ වරප්‍රසාද කඩ කරමින් කටයුතු කර මෙම පත්වීම ස්‌ථිර කළහොත් ඔහුට නඩු පැවරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන තම කණ්‌ඩායම දැනටමත් සූදානම් කර ඇති බව මේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
Related