යහපාලනය ගොනාට අන්දා ඉන්දියාවේ සිට ලංකාවට පාලමක් තැනීමට ඉන්දීය මාර්ග ඇමති සැලසුම් අදියි

බංග්ලාදේශය, භූතානය හා නේපාලය සමඟ ගොඩබිම් මාර්ග ප්‍රවාහන ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු තම මීළඟ අවධානය යොමුවනුයේ ශ්‍රී ලංකාව සමඟින් පාලමකින...

බංග්ලාදේශය, භූතානය හා නේපාලය සමඟ ගොඩබිම් මාර්ග ප්‍රවාහන ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු තම මීළඟ අවධානය යොමුවනුයේ ශ්‍රී ලංකාව සමඟින් පාලමකින් හෝ මුහුද යට උමං මාර්ගයකින් සමබන්ධ වීමට බව ඉන්දීය මාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ live mint ප්‍රවෘත්ති අංශය සමග කළ සාකච්ඡාවක දීය.

මෙහිදී වැඩිදුරටත් ඉන්දීය මාර්ග අමාත්‍යවරයා කියා සිටියේ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් ඉන්දියාව හ ශ්‍රී ලංකාව සම්බන්ධ කළ හැකි ව්‍යාපෘතියක් පිළිබඳව යෝජනා කළ බවත් බොහෝ විට ඔවුන් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානමින් පසුවන බවත්ය. රාමේශ්වරම් සිට ශ්‍රී ලංකාව දක්වා පාලමක් තැනීමට ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයින් යෝජනා කළ බව ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසීය.

“මම මෑතක දී නෙදර්ලන්තයේ සංචාරයක නිරත වුණා. එහිදී රොටර්ඩෑම් හා බෙල්ජියම යා කරන ජලය යටින් දිවෙන උමගක් නිරීක්ෂණය කරන්නට මට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධතාවයත් පාලමක් හෝ ජලය යටින් දිවෙන උමගක් හෝ විය හැකියි. ඒ ගැන අපි අවධානයෙන් පසුවෙනවා“, යැයි අමාත්‍යවරයා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1229653805264568143

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item