විජිතමුනිට නැවතහූවක් - බිබිලේ රැස්වීමකදී ගොවියෝ ඇමැතිවරුන්ට හූ කියති
නිසියාකාරව පොහොර දෙන ලෙස ඉල්ලා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (1 වැනිදා) පැවැති සංවර්ධන කමිටු රැස්වීමේදී ගොවීන් පිරිසක් කමිටුවේ...
https://www.sathhanda.com/2016/02/blog-post_30.html
නිසියාකාරව පොහොර දෙන ලෙස ඉල්ලා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (1 වැනිදා) පැවැති සංවර්ධන කමිටු රැස්වීමේදී ගොවීන් පිරිසක් කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා අමාත්‍ය විජිත් විජිතමුණිට හූ කියමින් විරෝධතාව දැක්වූහ. රජය නිසියාකාරව පොහොර බෙදා නොහැරීම නිසා සිය වගා කටයුතු ඇනහිට ඇති බව සංවර්ධන කමිටු රැස්වීමේදී ගොවීහු පැවැසූහ. මේ නිසා කමිටු රැස්වීම තුළදී නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.
පසුව ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයකු ගොවීන්ට කියා සිටියේ සතියක කාලයක් තුළදී පොහොර දෙන බවත්ය. මෙහිදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කෑගසමින් ප්‍රශ්න විසඳාගත නොහැකි බව පැවැසීය.
අමාත්‍ය විජිත් විජිතමුණිද සොයිසා කියා සිටියේ හූ කීමට අවශ්‍ය නොවන බවත්, ඕනෑම ප්‍රශ්නයක් කෙළින් කතා කර විසඳාගන්නා ලෙසත්ය. පසුගිය මැතිවරණයේදීත් තමන්ට හූ කී බව පැවැසූ අමාත්‍යවරයා දැනුත් හූ කියන්නේ මන්දැයි ගොවීන්ගෙන් ප්‍රශ්න කළේය.



Related