මංගල නිසා ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී රැස්‌විම දෙකට බෙදෙයි - අද ප්‍රථමවරට වෙන වෙනම රැස්වේ
මීට පෙර එකට පැවැත්වූ පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීම අද (23 දා) පෙ.ව. 11.30 ට වෙන වෙනම පැවැත්වීමට තීරණය කර ඇත. ...

https://www.sathhanda.com/2016/02/blog-post_428.html
මීට පෙර එකට පැවැත්වූ පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීම අද (23 දා) පෙ.ව. 11.30 ට වෙන වෙනම පැවැත්වීමට තීරණය කර ඇත.
මේ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වෙන අතර ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වෙයි.
මීට පෙර ආණ්‌ඩු පක්‍ෂයේ රැස්‌වීම එජාප හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති නමුත් පසුගියදා ආණ්‌ඩු පක්ෂ රැස්‌වීමකදී විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව කරන ලද ප්‍රකාශයක් නිසා ශ්‍රීලනිප මැති - ඇමැතිවරුන් ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීම වර්ජනය කොට තිබිණි. එම මන්ත්‍රී කණ්‌ඩායම් දෙක අද වෙන වෙනම රැස්‌වන්නේ ප්‍රථම වතාවටය.
පසුගිය දා පවතී ආණ්ඩු පක්ෂ රැස්වීමකදී යහපාලන ඇමති කටුලෙවකන්න පැමිණ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීන් සහ හොරු යනුවෙන් යයි අමතමින් ඉතාමත් නින්ධිත ආකාරයට ශ්‍රීලනිප අන්දුපක්ෂ මන්ත්‍රීන්ට දොස් පවර තිබුණි.
Related