මාලිංග පිටියට සමුදී ගෙදර යන්න ලෑස්තියි
තමන් මේ ක්‍රිඩා කරන්නේ තම ක්‍රිකට් දිවියේ අවසන් මාස කිහිපය විය හැකි බව ශ්‍රී ලංකා 20-20 නායක ලසිත් මාලිංග පවසයි. ආසියානු කුසලානය වෙනුවෙය...
https://www.sathhanda.com/2016/02/blog-post_475.html?m=0
තමන් මේ ක්‍රිඩා කරන්නේ තම ක්‍රිකට් දිවියේ අවසන් මාස කිහිපය විය හැකි බව ශ්‍රී ලංකා 20-20 නායක ලසිත් මාලිංග පවසයි. ආසියානු කුසලානය වෙනුවෙය් ඊයේ දිනයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම හා පැවති තරඟය ජය ගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු ඒ බව කියා සිටියේය.තමන් 2008 වසරේ සිට ක්‍රිඩා කරන්නේ දණහිසේ ආබාදයක් සහිතව බවත් ආබාදයෙන් සම්පුර්ණ සුවය ලැබීමට හැකිවනු ඇතැයි තමන් නොසිතන බවද කී ඔහු ඇතැම් තරඟ වලට තමන් සහභාගී වන්නේ වේදනා නාශක ඖෂධ පවා ගෙන යයිද පැවසීය.කෙසේ වෙතත් හැකි උපරිම කාලයක් කණ්ඩායමට ක්‍රිඩා කිරීමට උත්සාහ කරන බවද ඔහු කීවේය.

Related