අභිරහස් පිපිරීමකින් අයෙක් මරුට

වැලිමඩ - බැලුම්ගල ප්‍රදේශයේ අද (20) අලුයම හටගත් පිපිරීමකින් වෙළඳසැල් හිමියෙකු මියගොස් තිබේ. 46 හැවිරිදි ඒ.එම් ප්‍රේමරත්න නැමැති මෙම පුද...

වැලිමඩ - බැලුම්ගල ප්‍රදේශයේ අද (20) අලුයම හටගත් පිපිරීමකින් වෙළඳසැල් හිමියෙකු මියගොස් තිබේ.

46 හැවිරිදි ඒ.එම් ප්‍රේමරත්න නැමැති මෙම පුද්ගලයා වෙළඳසැල තුළදීම මියගොස් ඇති අතර ඔහුගේ සිරුර මුළුමනින්ම පිලිස්සී ඇති බව වාර්තා වේ.

අනතුරට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර පිපිරීම නිසා මියගිය තැනැත්තාගේ ත්‍රී රෝද රථය සහ වෙළඳසැලට දැඩි හානි සිදුවී තිබේ.

සිදුවීම පිළිබඳව වැලිමඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප පහතින්. 







වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1090605521250795100

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item