මන්නාරම මුහුදේ ගැටුමක් - අයෙකු අතුරුදන්

මන්නාරම් මුහුදේ ධීවවර යාතුාවකට පහර දීමක් 2 කගේ දිවි බේරේ එක් අයෙක් අතුරුදහන් මන්නාරම වංකාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකුට...

මන්නාරම් මුහුදේ ධීවවර යාතුාවකට පහර දීමක් 2 කගේ දිවි බේරේ එක් අයෙක් අතුරුදහන්

මන්නාරම වංකාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකුට අද (26) අළුයම බෝට්ටුවකින් පැමිණි නාදුනන පිරිසක් එකවරම පහර දී තිබේ.

ධීවරයින් තිදෙනාගෙන් එක් අයෙකු අතුරුදන්ව ඇති අතර දෙදෙනෙකු දිවි බේරා ගන්නට සමත් වී ඇත.

පහර කෑ එක් ධීවරයෙකු මුහුදට පැන දිවි බේරාගෙන කිලෝමීටර් 10ක පමණ පිහිනීමෙන් අනතුරුව ගොඩබිමට පැමිණීමට සමත් වී ඇති අතර ඔහු වහාම වංකාලෙයි පොලීසියට සිද්ධිය පිළිබඳ දන්වා තිබේ.

අනතුරුව අද උදෑසන වංකාලෙයි පොලීසිය හා නාවක හමුදාව සිද්ධිය වූ ස්ථානයට යන විට ධීවර යාත්‍රාවේ තවත් ධීවරයෙකු වැටී සිට ඇති අතර අනෙක් ධීවරයා අතුරුදන් වී ඇත.

යාත්‍රාවේ සිටි දැඩි පහරකෑමට ලක්ව සිටි ධීවරයා අද උදෑසන මන්නාරම් රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

අදාල පහර දීම ඉන්දීය ධීවරයින් විසින් සිදු කරන්නට ඇතැයි තමන් සැක කරන බවයි දිවි බේරාගත් ධීවරයින් දෙදෙනා වංකාලෙයි පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ.

අතුරුදන් වූ ධීවරයා පිළිබඳ සෙවීමට මේ වන විට නාවික හමුදාව විසින් සෝදිසි ‍මෙහෙයුමක් දියත් කොට ඇත.

රොමේෂ් මධුෂංඛ - වන්නි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3191398438827506061

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item