මේක බේරගන්න ඕන නම් මට මේක දීපං කිවුවා - අලියාගේ වල්ගේ එල්ලී දිව්‍ය ලෝකේ යාමට ජනවරමක් දී නැ

අලියාගේ වල්ගයේ එල්ලී දිව්‍ය ලෝකයේ යාමට කවුරුත් ජනවරමක් දී නැතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) මීගමුවේදී පැවසීය. “ගමරාළගේ අ...

අලියාගේ වල්ගයේ එල්ලී දිව්‍ය ලෝකයේ යාමට කවුරුත් ජනවරමක් දී නැතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) මීගමුවේදී පැවසීය.

“ගමරාළගේ අතින් මේක අතහැරුණොත් නැට්ටත් එක්කම බිම වැටෙනවා. එතුමා ගියාට කමක් නෑ. ඒ නිසා අලියාගේ ඇ‍ඟේ එල්ලිලා යන ගමන නම් එතරම් සුබ නෑ” යනුවෙන්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ශ‍්‍රිලනිපයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීය.

හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීම සඳහා මීගමුවේ පිහිටි හෝටලයකදී ශ්‍රීලනිප පළාත් පාලන සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.

ඊට ශ්‍රීලනිපයේ ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි අතර එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ 96 දෙනාට අලියා සමග ගමනක් යාමට ජනතාව අවසර දී නැති බවයි.

තමන් ශ්‍රීලනිපයේ සභාපති ධූරය දන් දුන් කියන බවත්, සැබවින්ම එවැන්නක් සිදුනොවූ බවත්, පැවසූ ඒ මහතා ජනාධිපතිවරණයෙන් පසුව විධායක බලතල භාවිතා කරමින් තමන්ගෙන් සභාපති ධූරය පවරා ගත් බව හෙළි කළේය.

මැතිවරණයෙන් පසු පාක්ෂිකයින්ට “ගහනවා. හිරගෙවල්වල දානවා මේක බේරගන්න ඕන නම් මට මේක දීපං” කියා සභාපති ධූරය ඉල්ලා ගත් බවද හිටපු ජනපති එහිදී පැවසීය.

මෙම රැස්වීමේදී රැස්ව සිටි පළාත් පාලන නියෝජිතයින්ගේ එකමතික එකඟතාවයෙන් යෝජනා කිහිපයක්ද සම්මත කර ගන්නා ලදී.

එම යෝජනා පහත පරිදිය.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කිරීම.

දේශපාලන දඩයම හෙළාදැකීම.

ආණ්ඩුව තනතුරු දරණ අමාත්‍යවරුන් ජනතා හඬට කන්දී එම තනතුරුවලින් ඉවත්වීම.

පක්ෂ භේද භින්න වීමේ වගකීම පක්ෂ නායකත්වය විසින් භාර ගැනීම.

නව දේශපාලන ප්‍රවාහයට නායකත්වයදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම.

පළාත් පාලන ආයතන නි‍යෝජිතයින්ගේ මෙම රැස්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2614639599709786434

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item