දොස්තර ජයලත්ගේ පුතා කාවින්ද ජයවර්ධන රේල්ලුවට වංචා කරලා
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඉකුත් පෙබරවාරි 01 හා 02 දිනයන්හිදී මගීන් 1000 ක් වෙනුවෙ...
https://www.sathhanda.com/2016/02/blog-post_897.html?m=0
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසද එම සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වාට ලිපියක් ලියමින් ඉල්ලා සිටී.
මන්ත්‍රීවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් මේ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.
මෙම විශේෂ දුම්රිය ධාවනය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 1,111,110/=ක මුදලක් හා ඇප මුදල් වශයෙන් රුපියල් 10,000/= ක මුදලක් අහිමිව ඇති බවද පැවසේ.
මෙය බරපතල මූල්‍ය වංචාවක් බවද එම සංගමය කියා සිටී.
වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයාය.
සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වාට යවන ලද ලිපිය පහත දැක්වේ.

Related