'හේන් පැල් රකින' හාමුදුරුවෝ(PHOTOS)

හේනේ පැළෙන් පිරිත් හඬ ඇසීම අසාමාන්‍ය කරුණක්. ගල්ගමුව කංකානියාගම ප්‍රදේශයේ ජනතාවට දැනට වසර කිහිපයක සිට පැල් කවි වෙනුවට පිරිත් සජ්ජායනා සූත්...

හේනේ පැළෙන් පිරිත් හඬ ඇසීම අසාමාන්‍ය කරුණක්.

ගල්ගමුව කංකානියාගම ප්‍රදේශයේ ජනතාවට දැනට වසර කිහිපයක සිට පැල් කවි වෙනුවට පිරිත් සජ්ජායනා සූත්‍ර‍ සජ්ජායනා අසන්නට ලැබීම නම් සුලබ කරුණක්.

ඒ ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ විහාරාධිපති සංගප්පාලයේ අමරවංශ හිමියන් පැල් රැකීම නිසායි.

තම සරණේ වෙසෙන කුඩා සාමනේර හිමිවරුන්ගේ නැණස පාදන්නට උන් වහන්සේ ගොවිතැන් කටයුතු කරන්නේ දැනට වසර ගණනාවක සිට බවයි පැවසෙන්නේ.

සංගප්පාලයේ අමරවංශ හිමියන් මේ සම්බන්ධයෙන් දක්වන අදහස පහතින් දැක්වෙනවා.

"මම මේ ගොවිතැන් කටුයුතුවලට පෙළඹෙන්න ප්‍ර‍ධාන හේතුව තමයි මේ කංකානියාගම කියන ගමේ ඉන්න දායක පවුල් සංඛාව ඉතාම සීමිත වීම. ඒ නිසා වෙලාවට දානේ ටික ගිලන්පස ටික දෙන්න ඇත්තටම ඒ අයට අමාරුයි. ඒ නිසා ගොඩක් වෙලාවට දානේ ටික ගිලන්පස ටික අපි පන්සලේම හදා ගන්නවා.

බෙලිමල් ටිකක්, තේ වතුර ටිකක් රනවරාමල් ටිකක් තම්බලා ගිලන්පස ටිකක් හදාගන්න එක අමාරු නෑ. මේ පන්සලට කියලා හේන් කුඹුරු මොකුත් නෑ. ඒ නිසා ස්ථිර ආදායම් මාර්ගයක් අපිට ලැබෙන්නෙ නෑ. ඒ නිසයි මම කල්පනා කළේ පන්සල ඉස්සරහා තියන කෑලේ කොටස සුද්ද කරලා හේන් වගාව ආරම්භ කරන්න.

මගෙ ළඟ ඉන්න ගෝල හිමිවරුන්ගෙන් දහ දෙනෙක් විතර පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. ගොඩක් දුරට මේ අය බස්වල තමා පිරිවෙනට යන්නෙ. ඒ අයට ඕනේ මාසික වාර ප්‍රවේශපත්, පිරිකර, සිවුරු, පාවහන් පොත් ආදිය අවුරුද්දකට සැරයක් අරන් දෙන්න ඕනේ.

අවුරුද්ද පටන් ගනිද්දි රුපියල් ලක්ෂයක් විතර මේ අය වෙනුවෙන් මට වියදම් වෙනවා. අනික් කාරණාව තමා මේ හිමිවරුන්ට අවශ්‍ය පාලි, සංස්කෘත, ගණිතය, ඉංග්‍රීසි කියන පොත් හතර විතරයි රජයෙන් ලබා දෙන්නෙ. ඒ ඇරුනාම සකස්කඩය, ශාසනාවතරණය, කතා මූර්ථය‍, බුද්ධගජ්ජය, පාලි රචනා, සිදත් සගරාව වගේ ඉතුරු පොත් සියල්ලම පිටතින් මිල දීලා ගන්න සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් අවුරුද්දකට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. “

රාත්‍රී කාලයේදී මම තනියම තමා පැල් රකින්නෙ. සමහර දාට වල් අලි පැල ලගටම එනවා. හේනෙන් එහා පැත්තේ කුඹුරු යාය තියෙන්නෙ. එහා පැත්තෙ මිනිස්සු පැල් කවි කියනවා. මම මෙහා පැත්තෙ ඉඳන් පිරිත් කියනවා. ඒත් රෑට මදුරුවන්ගෙන්නම් අඩුවක් නෑ. උදේ වෙද්දි මුලු ඇගම දනවා මදුරුවෝ කාලා. ඒත් මම නවතින්නෙම නැතුව පිරිත් කියනවා.“





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5696739087762486516

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item