ෆොන්සේකා ගැන රනිල්ගේ එකල කතාවට 5000%ක් මංගලගේ කතාවට 500%ක් එකඟයි - ගෝඨා මොකක්ද මේ නොකියා කියන්නේ[Video]
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එදා හමුදාපතිව සිටියදී යයි අගමැති රනිල් වික්‍රරමසිංහ...

https://www.sathhanda.com/2016/03/5000-500-video.html
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එදා හමුදාපතිව සිටියදී යයි අගමැති රනිල් වික්‍රරමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් 5000%කින් එකඟ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.
යුධ ඔස්තාර් ලෙස පෙනී සිටින ෆොන්සේකා යුධ හමුදාපති කාලයේ හමුදා මුලස්ථානයට පැන හමුදාපතිට බෝම්බ ගැසූ බවත් එය ලෝක ඉතිහාසයේ වූ එවන් එකම සිදුවීම බවත් ඔහු සඳහන් කරයි.
ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වන්නවත් ඡන්ද ගන්න බැරි වූ අයෙන් මන්ත‍්‍රී කර ඇමති කෙනෙක් කල පසු එසේ කල අය කියන කියන පදයට නටන්න වන බවද රාජපක්‍ෂ පෙන්වා දුන්නේය.
ෆොන්සේකා සුදුසු සැල්වේශන් ආමි එකට යයි එකල මංගල සමරවීර කියූ කතාව හා තමන් 500%කින් එකඟ බවත් ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සම්බන්ධයෙන් ජෝෂප් මයිකල් පෙරේරා කියූ දේ සම්බන්ධයෙන් 1000%ක් එකඟ බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.
Related