අදායම ඇහිරි ජීවත් වෙන්න විදිහක් නෑ කියා වැඩි දෙනා කියන්නේ
අපි දන්න හඳුනන අය හමු වුණාම අහනවා මේ දවස්වල ඔයාට කොහොමද කියලා. ඒකට විවිධ උත්තර ලැබෙනවා. වැඩි දෙනෙක් දෙන උත්තර තමා ආදායම ඇහිරි ජීවත්වෙන්න ...

https://www.sathhanda.com/2016/03/blog-post_24.html
අපි දන්න හඳුනන අය හමු වුණාම අහනවා මේ දවස්වල ඔයාට කොහොමද කියලා. ඒකට විවිධ උත්තර ලැබෙනවා. වැඩි දෙනෙක් දෙන උත්තර තමා ආදායම ඇහිරි ජීවත්වෙන්න විදිහක් නෑ කියන එක. ඒකට වගකියන්න ඕනි රනිල් වික්‍රමසිංහ කියලයි මම කියන්නෙ. මොකද බලය ලබාගැනීමට පෙර කිව්වා රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා. තේ, රබර් සඳහා වැඩි මිලක් දෙනවා කිව්වා. දැන් ඒවා බොරු වෙලා තියනවා. ඔහු කරන දේ තමයි ව්‍යාපාරිකයන් අතර තරගයක් ඇති කර ජනතාවට සහන දෙනවයි කියා බදු බර වැඩි කරන එක. සෘජු බදු සඳහා සහන දෙනවා. ආණ්ඩුවක් දුවන්නේ බදුවලින් තමයි . ඒත් මේ ආණ්ඩුව බදුවලින් සියයට අසූවක් දීලා තියන්නේ සාමාන්‍ය ජනතාවට. ඒක නිසා මේ දේශපාලන නායකයන් එක්කම මේ ක්‍රමය වෙනස් කළ යුතු යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
Related