ආණ්ඩුවෙ අවුල් ගැන රට වටෙන්ම මහින්දට ලියුම් ඇවිත්

    මෙරට සංවර්ධන ව්‍යාපෘති නතර වී තිබීම, තේ පොල් හා රබර්වලට සහතික මිලක් නොලැබීම පොහොර සහනාධාරය කප්පාදු කිරීම හා රණවිරු සුබසාධන කප්පාදුව...

 
 
මෙරට සංවර්ධන ව්‍යාපෘති නතර වී තිබීම, තේ පොල් හා රබර්වලට සහතික මිලක් නොලැබීම පොහොර සහනාධාරය කප්පාදු කිරීම හා රණවිරු සුබසාධන කප්පාදුව ඇතුළු වත්මන් රජයෙන් ජනතාවට ඇති වී තිබෙන ගැටලු රැසක් පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බව වාර්තා වෙයි. රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල, ජයන්තිපුර, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට දෛනිකව ලිපි විශාල ප්‍රමාණයක් ලැබෙන බව එම කාර්යාලයේ නිලධාරියකු පැවැසීය.එම නිලධාරියා කියා සිටියේ එම සෑම ලිපියක්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පෞද්ගලිකව විමසා බලා ඒ මහතාගේ උපදෙස් මත පිළිතුරු ලිපි යවන බවය.

මේ සියලු ලිපි පිළිබඳව පෞද්ගලිකව අවධානය යොමු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නඟන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවද වාර්තාවේ. ඊට අමතරව එම ගැටලු අදාළ ආයතන වෙත යොමුකර කඩිනම් විසඳුම් ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබෙන බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1410159597495751763

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item