ප. ච. රණවක තවත් හිර වෙයි - සංදීප් වෙනුවෙන් මිතුරන් මාධ්‍ය සාකච්චාවක
සිංගප්පූරුවට හෝ ගෙනගොස් තම මිතුරා සුව කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජගිරියේදී පසුගි...

https://www.sathhanda.com/2016/03/blog-post_39.html
සිංගප්පූරුවට හෝ ගෙනගොස් තම මිතුරා සුව කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජගිරියේදී පසුගියදා රිය අනතුරකට ලක්වූ තරුණයාගේ මිතුරන් පිරිසක් “සංදීප් වෙනුවෙන් යුක්තිය“ නමින් සංවිධානයක් ලෙස මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේය.
රාජගිරියේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන්ගත් බව කියන ජිප් රථයක යතුරු පැදියක් ගැටීමේ සිද්ධියේදී තුවාල ලබා රෝහල්ගතව සිටින තරුණයාගේ මිතුරන් කිහිප දෙනෙකු විසින් අද මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවේ පා.ම උදය ගම්මන්පිලට අයත් පිටකෝට්ට, පාගොඩ පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදීය.
මෙම අනතුර ගැන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මොහොමඩ් සෆායි නැමැති තරුණයා කියා සිටියේ අනතුර සිදුකර පළාගිය වාහනයේ අමාත්‍ය පාඨලි චම්පික රණවක සිටි බව තමා දුටු බවයි.
අමාත්‍යවරයා තමාට පොලීසියට යාමට පැමිණෙන ලෙස පැමිණෙන්නැයි දැනුම්දුන් අවස්ථාවේ තමන් එම අවස්ථාවේ නොගියේ මිතුරා අනතුරට ලක්ව සිටි නිසා යැයිද හෙතෙම පැවසීය.
කෙසේ වුවද අනතුර ගැන වැලිකඩ පොලිසියට ගොස් පැමිණිලි කළ අවස්ථාවේදී පැමිණිල්ල සටහන් කරගනු ලැබුවේ කුඩා නෝට්බුක් එකක් වැනි පොතක බවද ඔහු කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට උමේෂ් රංගනාත් නැමැති මිතුරෙකුද එක්ව සිටි අතර ඔහු පැවසුවේ අනතුරට අදාළ මෙම සිද්ධිය ගැන විපක්ෂයෙන් උපදෙස් ගන්නා ලෙසට අනතුරට ලක්වූ මිතුරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා උපදෙස් ලබාදුන් බවයි.
එසේ නොමැතිව මීට පෙර විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අයගේ සහයක් මේ සඳහා නොතිබූ බවද ඔහු පැවසුවේය.
Related