උඩුවේ හිමිගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් අවසර
නීතිවිරෝධීව අලි පැටවෙකු ලග තබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ඉල්ලා උන්වහන්සේගේ නීතීඥවරුන් ඇප අයැදුම්පතක...

https://www.sathhanda.com/2016/03/blog-post_78.html
නීතිවිරෝධීව අලි පැටවෙකු ලග තබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ඉල්ලා උන්වහන්සේගේ නීතීඥවරුන් ඇප අයැදුම්පතක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිෂාන්ත පීරිස්ට අද (10) ඉදිරිපත් කළා.
එම ඇප අයැදුම සලකා බැලීම හෙට (11) දිනයේ සිදු කිරීමට නියමිතයි. එමෙන්ම අපවත් වී වදාල අස්ගිරි මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට වැඩම කිරීමට උඩුවේ ධම්මාලෝක හිමියන්ට අවසර ලබාදෙන ලෙසද නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහර බන්ධනාගාරයට අද පැමිණියා. ඊට ඒකාබද්ධ විපක්ෂය සහභාගී වී සිටියා.
Related