ලුණුවිල ගෙදරක සූනියම් දේවාලය කඩා දැමීමෙන් පසු ගේ ඇතුළේ තැනින් තැන ගිනි දලු මතුවෙලා
වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල සන්තානාපුර නිවෙසක ඉතා දිගු කලක සිට පවත්වාගෙන ගිය සූනියම් දෙවියන්ට යාතිකා කරන දේවාලයක් හදිසියේ කඩා ඉවත් කිරී...

https://www.sathhanda.com/2016/03/blog-post_453.html
වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල සන්තානාපුර නිවෙසක ඉතා දිගු කලක සිට පවත්වාගෙන ගිය සූනියම් දෙවියන්ට යාතිකා කරන දේවාලයක් හදිසියේ කඩා ඉවත් කිරීමෙන් පසු එම නිවෙස පුරා ස්ථාන රැසක් ගිනිගෙන විනාශ වෙමින් පවතී.
සන්තානාපුර, 7ඒ, අංක 109 දරන නිවෙසේ මේ ගිනි ගැනීම සිදුවන අතර ගම්වාසීහු පවා මහත් බියට පත්ව සිටිති. මේ නිවෙසේ හිමියන් රෝමානු කතෝලික බැතිමතුන් වන අතර ඔවුන් එම ආගම අදහන අතරතුරම නිවෙස අසල පුංචි දේවාලයක් පවත්වාගෙන සූනියම් දෙවියන්ට හා වෙනත් දෙවිවරුන්ට යාතිකා කරමින් සිට ඇත. මෑතකදී ගමේ කතෝලික පියනම විසින් මේ කටයුත්ත දහමට නින්දාවක් හා දරුවන්ට කැළැලක් වන හෙයින් වහා නතර කර දමන ලෙස උපදෙස් දී තිබේ.
මේ නිවැසියන් අකැමැත්තෙන් හෝ ඊට අවනත වීමෙන් පසු තමන්ට රෝග පීඩාවලින් කරදර සිදුවූ බවත් මෑතක සිට නිවෙසේ සෑම තැනකින්ම ගිනි ඇවිළීම නිසා ඔවුන් හා ගම්මු මහත් බියට පත්ව සිටිති. තෙත රෙදි පවා එක්වරම ගිනිගෙන ඇති අතර වහලය, කැලැන්ඩර්, උයන පිහන දේවල් පවා ගිනි ඇවිළෙන බවත් එක් ස්ථානයක ඇතිවන ගින්න නිවාදමද්දී මොහොතකින් තවත් තැනකින් ගින්න හටගැනීම කෙලෙස සිදුවේද යන්න ප්‍රහේලිකාවක් බවත් නිවැසියන් හා ගම්මු කීහ.
නිවැසියන් නිවෙසේ සිටීමට පවා බියක් දක්වන අතර හාන්සි පුටුව පවා ගිනිගෙන ඇවිළී එය නිවා මොහොතකින් ගෙයි තිබූ රෙදිවලටද ගිනි ඇවිළී ඇත. දිනකට 10 වතාවක් පමණ එක් එක් ස්ථානවල ගිනි ඇවිළීම සිදුවන අතර එය නිවා මොහොතකින් බලාපොරොත්තු නොවූ තැනකින් ගිනි ගැන්ම සිදුවේ. මේ නිවැසියන්ට ඩිමෝ බට්ටා වාහනයක් ඇති අතර නිවෙස අසල නවතා තිබියදී එහි එක් කොටසක් ගිනිගෙන ඇවිළී එය නිවා දමන විට නිවෙසේ තවත් ස්ථානයක ඇති කැලැන්ඩරයකින් ගිනිදැල් හටගෙන එය විනාශ වී ඇත.
මම එම නිවෙසේ ගිනිගත් ස්ථාන ගැන පරීක්‍ෂා කර බලමින් සිටියදී අන්න ආයෙත් ගිනි ගන්නවා යැයි නිවෙසේ සිටි වයෝවෘද්ධ මව කෑ ගැසූ අතර එම ස්ථානයේ තිබූ ලී කබඩ් එකක ඉහළ කොටස ගිනි ගන්නවා මම දිටිමි.
මේ වන විට නිවැසියන්ට මෙයට පිළියම් සොයාගත නොහැකිව ඇති බවත් දක්‍ෂ කට්ටඩියකු ලවා මෙම කටයුතු මැඬලීමට ගියත් ඒ කිසිවකු ඊට සහාය නොදැක්වූ බවත් අපට දන්වා සිටි අතර පිටස්තර නිවෙස්වලින් ඔවුන්ට ආහාර පානාදිය ගෙනැවිත් දෙන අන්දම අපටද දැකගත හැකි විය. දින ගණනාවක සිට ඔවුන්ට නින්දක් නැති අතර අද දින එනම් මාර්තු 21 දින උදේ අතට ගත් හාල්වලටත් ගිනි ගැනීම නිසා එය මිදුලට විසිකර දමා ඇති අන්දම හා නිවෙසේ සියලුම රෙදිපිළි පිටතට විසිකර දමා ඇති අන්දම දක්නට තිබිණි.
-මවුබිම
Related