'නේවි කපිලගේ' සිරුර භාර ගැනීමට බිරිඳ බැහැ කියයි
කප්පම් සිද්ධියක් මත දංකොටුqව ඉරබඩගම කොස්හින්න ජනශූන්‍ය ප්‍රදේශයේදී වෑන් රථයක් තුළ 10 දා පුළුස්සා ඝාතනයට ලක් කළ "නේවි කපිල"...
https://www.sathhanda.com/2016/03/blog-post_713.html?m=0
කප්පම් සිද්ධියක් මත දංකොටුqව ඉරබඩගම කොස්හින්න ජනශූන්‍ය ප්‍රදේශයේදී වෑන් රථයක් තුළ 10 දා පුළුස්සා ඝාතනයට ලක් කළ "නේවි කපිල" නමැත්තාගේ සිරුර භාර ගැනීමට ඔහුගේ බිරිඳ වන මාකඳුර ගෝනවිල පදිංචි කොඩිතුවක්කු ආරච්චිගේ කාංචනී ඉසුරු ප්‍රියංගනී (36) නමැත්තිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඇය පශ්චාත් මරණ පරීක්ෂණයේදී "නේවි කපිල" නමැත්තාගේ සිරුර හඳුනා ගෙන ඇති අතර මීගමුව දිසා රෝහලේදී දංකොටුව පොලිසියට කට උත්තරයක් ලබාදෙමින් සැමියාගේ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඇය ඊට හේතුව වශයෙන් දංකොටුව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ සිය දරුවන් තිදෙනා පියා ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරන අතර එම හේතුව මත සැමියාගේ සීල් තැබූ දේහය (මිනී පෙට්ටිය) නිවසට ගෙන යැමට නොහැකි බවයි.

Related