අදත් විදුලි බිඳවැටීම්
අදත් රට පුරා ඇතැම් ප්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක්‍රියව පැවතීම ඊට හ...
https://www.sathhanda.com/2016/03/blog-post_87.html?m=0
අදත් රට පුරා ඇතැම් ප්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක්‍රියව පැවතීම ඊට හේතුවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන පැවසුවේ පද්ධතිය සම්පූර්ණයෙන් යතා තත්ත්වයට පත්වෙලා තිබුනත් නොරොච්චෝලේ බලාගාරය සක්‍රීය කිරීමට කාලයක් ගත වෙන බවයි.එම කාලය තුළදී විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් කල්ඇතිව දැනුම් දීමක් කළ නොහැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
මෙවැනි විදුලිය බිඳවැටීම් රට පුරා ප්‍රදේශ බොහෝමයක ඊයේ (14) දිනයේ ද වරින්වර විදුලිය බිඳවැටුණා. මේ නිසා තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි මහජනතාව පවසන්නේ.

Related