මෛත්‍රී ඉවත්වී මහින්දට පක්ෂය දෙන්න යෝජනා කරන යෝජනාවක් සම්මතයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉවත්වී මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂය නැවත භාරදෙන්නැයි සඳහන් කරමින් මිනුවන්...

https://www.sathhanda.com/2016/03/blog-post_84.html
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉවත්වී මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂය නැවත භාරදෙන්නැයි සඳහන් කරමින් මිනුවන්ගොඩ ශ්රී ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලය අද (06දා) යෝජනා සම්මත කරගෙන තිබේ.
එසේම ප‍්‍රසන්න රණතුංග නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මිනුවන්ගොඩ සංවිධායක වරයා ලෙස පත් කරනතුරු මිනුවන්ගොඩ මැතිවරණ බල ප‍්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දේශපාලන කටයුතු සිදු නොකිරීමටත්, මිනුවන්ගොඩ ශ්රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම සංවිධාන ඒකාබද්ධ විපක්‍ෂයේ අනුබද්ධ සංවිධාන ලෙස කටයුතු කිරීමටත් මෙහිදී යෝජනා සම්මත කරගෙන තිබේ.
බලමණ්ඩලය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංගගේ උඩුගම්පල නිවසේදී මෙම රැස්වීම පැවැත්වීය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා.
"හිර ගෙවල්පිට හිර ගෙවල්වල දැම්මත් මොන දේ අපිට නැති කළත් ජනතාව එක්ක පාරට බැහැලා මේ ආණ්ඩුව ගෙදර යවනවා මයි. ඉදිරි අවුරුදු 02 ක තුළ අපි මේ ආණ්ඩුව පෙරලනවා.
අපේ ආණ්ඩුව තියෙන කොට අපි රටේ පාතාලය මර්ධනය කළා, කුඩු ඇල්ලුවා. ඒකාලේ පාතාලය රට පැන්නා. ඒත් මේ යහපාලන ආණ්ඩුව ආපුහාම පිටරට ගිය පාතාලේ නායකයෝ ආපහු ලංකාවට ආවා. එදා කුඩු පැකට් එකක් රුපියල් 1200 අද රුපියල් 600 කේරල ගංජා රට පුරාම. අද මේ රට කුඩු පුරයක් වෙලා රට පතාල පුරයක් වෙලා. මේ තත්වය වලක්වන්න පුළුවන් එකාබද්ධ විපක්‍ෂයට විතරයි"
Related