සමනලී සහ ඉන්ද්‍රචාප අල්ලන්න වරෙන්තු
රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප...

https://www.sathhanda.com/2016/04/blog-post.html
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කුඹුක්ගැටේ නගරයේ දී ප්‍රසංගයක් පවත්වමින් සිටි අළුත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැළකිල්ලට ගෙන මෙසේ වරෙන්තු නිකුත් කෙරිණි.
පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික සහ එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින තවත් තිදෙනෙකු ඊයේ දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නඩු විභාගයේ පැමිණිල්ලේ දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සමනලී ෆොන්සේකා මහත්මිය සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ හෝ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.
ඊයේ දිනයේ දී නඩු විභාගය පැවැත්වෙන බවට අධිකරණය විසින් පෙර දැනුම්දීමක් කර තිබියදීත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළාය.
නඩු විභාගය ජූලි මස 21 වැනිදා යළි කැදවීමට නියමිතය.
Related