මහින්දව පරාජය කරන පළමු වෙඩි මුරය පත්තු කළේ විමල් වීරවංශයි - රෙජිනෝල්ඩ් කුරේ

අනේ දෙයියනේ අපේ පක්ෂයට මේ මොන කෙන්ගෙඩියක් වෙලා තියෙනවාද කියලා හිතන විට මට හිතට හරිම අමාරුයි. මම පක්ෂය වෙනුවෙන් ඇති තරම් ගුටිකා ඇති සිරබත්...

අනේ දෙයියනේ අපේ පක්ෂයට මේ මොන කෙන්ගෙඩියක් වෙලා තියෙනවාද කියලා හිතන විට මට හිතට හරිම අමාරුයි. මම පක්ෂය වෙනුවෙන් ඇති තරම් ගුටිකා ඇති සිරබත් කා ඇති, වරක් ජේ. වී. පී.ය තැබූ වෙඩි ප්‍රහාරයකින් මම බේරුණේ අනූ නවයෙන්. එහෙම වුණේ මේ පක්ෂය නිසා නොවේද. අද පක්ෂයට අත්වූ ඉරණම ගැන කිසිවකු මේ දක්වා නිවැරැදි විශ්ලේෂණයක් කර නැහැ නේද? ඇත්තටම අප පරාද වුණේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා නිසාද? ටිකක් කල්පනා කරලා බලන්න. එදා අප පක්ෂය බලයේ හිටියා කියලා පක්ෂයේ ජයග්‍රහණයට දර දිය ඇද්ද අයට නිසි සැලකුම් ලැබුණාද කියා. මම ගිය රැස්වීම්වලදී අපට කතාවක් දෙනු වෙනුවට කාටද කතා දුන්නේ. බලන්න පක්ෂය වෙනුවෙන් කටයුතු කළ මට මොකද වුණේ. කුරුඳු තළන ඇමැතිකමක් නේද ලැබුණේ. මේවා වැරැදි බව එදා මම නායකයන්ට පැහැදිලිව කීවා. කවුද ඇහැව්වේ. කවුරුවත් ඇහැව්වේ නැහැ. මෙතැනදීත් මම අද කතා කරන්නේ දුක්විඳි අයකු ලෙසයි.

1994දී චන්ද්‍රිකා දිනුවේ වැඩි ඡන්ද පනස් දහසකින්. ඊට පසු ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා දිනුවේ ප්‍රභාගේ බෝම්බයෙන්. චන්ද්‍රිකාගේ එක් ඇසක් අහිමි වූ අනුකම්පාවෙන්. 2005දී මහින්ද ජනාධිපති වුණේ ප්‍රභා උතුරේ ඡන්ද වර්ජනය කරවපු නිසයි. 2010 මහින්ද දිනුවේ ප්‍රභාකරන්ව මරා දැමූ ප්‍රීතියෙන් ඡන්දය දුන් නිසයි. ඒ හැම වරක්ම අප දිනා ඇත්තේ ප්‍රභාකරන්ට පින්සිදු වන්නයි. මේ රටේ සුළු ජන ඡන්ද විසි ලක්ෂයක් ඇති බව අමතක කරන්න එපා. වාද කරමින් සිටීම පල රහිත දෙයක්. එයින් වාසි අත්වන්නේ යූ.එන්.පි.යටයි.

2015 ජනාධිපතිවරණයෙන් මහින්දව පරාද කරන පළමු වෙඩි මුරය පත්තු කළේ විමල් වීරවංශයි. මතක නැද්ද පී. බී. ජයසුන්දරට කී දේවල්. මේ රටේ ආර්ථිකය පාලනය කරන්නේ එක් පවුලක සාමාජිකයන් බව කීවා. අදත් එයා කරන්නේ මහින්දව නැති කරන එක. එයා ඒක ලස්සනට කරයි.

2015දී අපි ජනාධිපතිවරණයක් නොඉල්ලාම මහින්ද ඡන්දයකට ගියේ සාස්තරකාරයන් කී නිසා නොවේද? මහින්දව විනාශ කළේ මෛත්‍රිපාල නොවෙයි මේ සාස්තරකාරයොයි. වේයෝ වාගේ ඉන්න නෑයොයි, මැක්කොයි එකතුවයි. විශේෂයෙන්ම තමන්ට දිනන්න බැරි බව දන්න මේ මැක්කෝ තමන් විසින් සකස් කර ගත් න්‍යාය පත්‍රයක් අනුව යමින් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න කටයුතු කරනවා. එයාලට අවශ්‍ය එයාලා රැකෙන්න පමණයි. ඒ අනුව අප මේ අවස්ථාවේදී කල්පනාකාරී විය යුතුයි යැයිද හලාවත මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල හමුව අමතමින් උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. අසුචි කන ඌරා ඒක සාධාරණීකරණය කරන අපූරුව

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 8063399084822309310

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item