රහුමාන්ගේ සංදර්ශනය අත්හිටුවයි : යහපාලන ව්‍යාපාරික ආරවුලක්
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ දකූණු ඉන්දීය ඔසකාර් සම්මාන ලාභී සංගීතඥ ඒ.ආර්. රහුමාන්ගේ සංගීත ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවීමට එහි සංව...

https://www.sathhanda.com/2016/04/blog-post_6.html
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ දකූණු ඉන්දීය ඔසකාර් සම්මාන ලාභී සංගීතඥ ඒ.ආර්. රහුමාන්ගේ සංගීත ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවීමට එහි සංවිධායකයින් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
එම සංගීත ප්‍රසංගය අප්‍රේල් 23 වැනිදා ගාළු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
අදාළ සංගීත ප්‍රසංගය සංවිධානය කළ කණ්ඩායමෙන් තවත් කණ්ඩායමක් එය උදුරාගැනීමට දැරූ උත්සාහයක් නිසා මෙසේ එය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මේ කණ්ඩායම් දෙකම යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට සහයදුන් ව්‍යාපාරික කණ්ඩායම් දෙකක් බව පැවසේ.
මෙහි මාධ්‍ය සහකරුවා ලෙස එක්ව සිටියේ සිරස නාලිකාව වන අතර පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට එහි ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කිරීම තාවකාලිකව අතිහිටුවීමට එය සංවිධානය කළ කණ්ඩායම ඉල්ලා ඇතැයිද මේ අතර වාර්තා වේ.
අදාළ තත්ත්වය හේතුවෙන් එම සංගීත ප්‍රසංගයේ පූර්ව දැන්වීම් ප්‍රචාරක පට විකාශය කළ සිරස නාලිකාවට විශාල පාඩුවක් සිදුව ඇති බවද පැවසේ.
මේ සංගීත ප්‍රසංගය නැරඹීමට ලක්ෂ තුනකට අධික ප්‍රේක්ෂක පිරිසක් එහි සංවිධායකයින් අපේක්ෂාවෙන් සිටි බවද මේ අතර වාර්තා වේ.
-srilankamirror
Related