අද එජාපයට මොකද වෙන්නේ - තීරණාත්මක සාකච්චාවක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණාත්මක රැස්වීමක් සඳහා අද (05) රැස්වනවා. අලූත් ශ‍්‍රී ලංකාවට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ප‍්...

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණාත්මක රැස්වීමක් සඳහා අද (05) රැස්වනවා. අලූත් ශ‍්‍රී ලංකාවට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ප‍්‍රති සංවිධාන කිරීම සඳහා වූ යෝජනා ඊට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ සිදුකෙරෙන ප‍්‍රතිසංවිධානවලදී එහි දැනට තිබෙන තනතුරු කිහිපයක් ද වෙනස් වනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනට කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයා ලෙසයි. ජාතික නායක තනතුර අහෝසි කර ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ නායක ලෙස මීට පෙර පැවති තනතුරම නැවත ඇති කිරීමට අවධානය යොමුව තිබෙනවා.

සජිත් පේ‍්‍රමදාස දැනට හොබවන නියෝජ්‍ය නායක තනතුර සහ රවී කරුණානායක දැනට හොබවන උපනායක තනතුර ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයද එහි ව්‍යවස්ථාවට පිටින් ඇති කළ ඒවායි. මෙම තනතුරුද බොහෝ විට අහෝසි කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7139164821485277868

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item