එජාපයේ ලොකු වෙනසක් - වෙනස් වූ තනතුරු මෙන්න
අද (05) පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණාත්මක රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනසක් සිදුව ඇතැයි වාර්තා වේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ...

https://www.sathhanda.com/2016/04/blog-post_99.html
ඒ අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස අමාත්‍ය දයා ගමගේ පත් කර තිබේ.
ජාතික සංවිධායක ධූරය තනතුරක් ලෙස අහෝසි කිරීමට අද පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කොට ඇත. එජාප ජාතික සංවිධායක ලෙස කටයුතු කළේ අමාත්‍ය දයා ගමගේයි.
වතු සේවක සංගමයක් වන ලංකා ජාතික වතු සේවක සංගමයේ සභාපතිත්වය අමාත්‍ය හරීන් ප්‍රනාන්දුටද, ලක්වනිතා පෙරමුණේ සභාපතිත්වය නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පත්කොට ඇත.
ජාතික සේවක සංගමයේ සභාපති ධූරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ටද, ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනටද ලබා දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ජාතික නායකයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
Related