WT20: ලෝක කුසලානය කොදෙව්වන්ට
විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානය සඳහා එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති අවසන් මහා තරඟයෙන් තියුණු ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම ස...

https://www.sathhanda.com/2016/04/wt20.html
පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 155 ක් රැස් කළ අතර, එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 54 ක් රැස්කිරීම කැපී පෙනුනි.
කොදෙව් පිලේ පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රී කඩුලු 02 ක් දවාලීමට සමත් විය.
ලකුණු 156 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි කොදෙව් ක්‍රීඩකයෝ ඕවර 19 යි පන්දු 04 ක් අවසානයේ ජයග්‍රහණය කරා ළඟාවූහ.
බටහිර කොදෙව් කණ්ඩායමේ මාලන් සැමුවෙල් ලකුණු 85 ක් රැස් කළ අතර, අවසාන පන්දු ඕවරයේදී පිට පිට හයේ පහර හතරක් එල්ල කරමින් කාලෝස් බ්‍රත්වෙට් පෑ පිතිහරඹය ක්‍රීඩාලෝලීන් කුල්මත් කිරීමට හේතුවිය.
විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ජගත් කුසලානය දිනාගත් දෙවැනි වතාව මෙයයි; 2012 ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කොදෙවුවෝ ජගත් කුසලානය දිනාගත්හ.
1996 ජගත් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන කුමාර් ධර්මසේන අවසාන මහා තරඟයේ විනිශ්චයකරුවකු වූ අතර, තරඟයේ තීරකයා වූයේ රන්ජන් මඩුගල්ලේයි.
ඉරිදා උදය වරුවේ පැවති තරඟයේදී බටහිර ඉන්දීය කොදෙවු කාන්තාවෝ එතෙක් විස්සයි විස්ස ශූරතාවය ඉසිලූ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ලෝක ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විස්සයි විස්ස ජගත් කුසලානයේදී එංගලන්ත කණ්ඩායමේ පිතිකරු උපදේශකයකු වශයෙන් ක්‍රියා කළේය.
Related