යුද හමුදාව මාන්කුලම්හි ඉදිකළ බුදු මැදුරක බුදු පිලිම 2ක් විනාශ කරලා (PHOTOS)
යාපනය මහනුවර ඒ - 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදුපිළිම 02ක් ඊයේ (29) රාත්‍රියේ ...

https://www.sathhanda.com/2016/08/2-photos.html
අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදුපිළිම දෙක කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා තිබී ඇත.
මෙම බුදුපිළිම දෙක 2009 වසරේ ජුනි මස 07 වනදා පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටවීමෙන් පසුව ස්ථාපිත කොට තිබුණේ හමුදා සේනාංක එම පළාත්වල සිටි කාලවකවානුවේදී වන්දනාමාන කිරීමටය.
බුදුපිළිම දෙක විනාශ කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් පොලීසියට පැමිණිලි කොට නැතත් කනගරායන්කුලම පොලීසිය මේ සිද්ධිය පිළිබදව වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
උතුරු පළාතේ බෞද්ධ විහාර ඉදිකිරීම නවතා දැමිය යුතු බවට දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන් ඉකුත්දා දැඩි ලෙස ප‍්‍රකාශ කළා. කිලිනොච්චි ප‍්‍රදේශයේ බුදු මැදුරක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් ඉකුත් 16 වැනිදා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක්ද සම්මත කර ගනු ලැබුවා.
ඡායාරූප පහතින්




ඡායාරූප පහතින්




Related