දෙමළ රැඳවියන් 99 දෙනෙකු අද පෙරවරුවේ සිට ආහාර වර්ජනයක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 99 දෙනෙකු අද පෙරවරුවේ සිට ...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 99 දෙනෙකු අද පෙරවරුවේ සිට ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරතවිමට තීරණය කර තිබේ.
 
දීර්ඝ කාලීනව බන්ධනාගාර ගතව සිටින තමන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමින් මෙම රැඳවියන් උපවාසයේ නිරත වන බව වාර්තා වේ.

පුනුරුත්ථාපනය කිරිමට යොමු කිරිම හෝ එල්ල වී ඇති චෝදනාවලට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දෙමළ රැදවියන් උපවාසයේ නිරත වූ අතර ඔවුන් සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8986243540959670113

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item