මහබැංකුවේ බැඳුම්කර පරීක්ෂණ නවත්තනවා - කිරිඇල්ල
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමට අදාළව මහ බැංකුවේ ඉහළ නිලධාරීන් විසින් කෝප් කමිටුවට දුන් සාක්ෂි අතර බරපතළ පරස්පරතාවක් පවති...

https://www.sathhanda.com/2016/08/blog-post_210.html
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර
නිකුත් කිරීමට අදාළව මහ බැංකුවේ ඉහළ නිලධාරීන් විසින් කෝප් කමිටුවට දුන්
සාක්ෂි අතර බරපතළ පරස්පරතාවක් පවතින බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල
පවසනවා.
කෝප් කමිටු පරීක්ෂණවලට අදාළ ලේකම් වාර්තාවලද ඒ කරුණු වැඩිදුරටත්
පැහැදිලිව දක්වා තිබෙන බවත් පවසන අමාත්‍යවරයා තවදුරටත් පවසනේ මෙම තත්ත්වය
යටතේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට
ගෙන යාමද මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් බවට පත්වී ඇති බවය. ඒ අනුව
ආණ්ඩුවේ අදාල පාර්ශවයන් සාකච්චා කර පරීක්ෂණ නවත්තීමට පියවර ගන්නා බවය.
මෙය මෙසේ සිදු වේ යයි බොහෝ දෙනා මින් පෙර පවසා තිබුණි. යහපාලන ආණ්ඩුවට
මහබැංකුවේ බැඳුම්කර අක්‍රමිකතව පරීක්ෂා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ
බවට බොහෝ පිරිස් චෝදනා කර තිබුණි. මේ සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ
කෝප් කමිටු සාභාපති සුනිල් හදුන් නෙත්ති මේ වනතුරු අදහස් දැක්වීමක් කර
නොමැත.
Related