රාජපක්‍ෂවරුන්ගේ කාලය අවසන් - විමලුයි-ගම්මන්පිලයි මහින්දව කඩේ අරන් යනවා - ඉසුර දේවප්‍රිය
රාජපක්ෂ පවුල කාලයක් රටේ වැඩ පෙන්නූ බවත්, වර්තමානය වන විට රාජපක්ෂවරුන්ගේ කාලය අවසන් වී ඇති බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්...
https://www.sathhanda.com/2016/08/blog-post_22.html
රාජපක්ෂ පවුල කාලයක් රටේ වැඩ පෙන්නූ බවත්, වර්තමානය වන විට රාජපක්ෂවරුන්ගේ කාලය අවසන් වී ඇති බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වර්තමානය වන විට රාජපක්ෂවරුන්ගේ කාලය අවසන් වී ඇති හෙයින් ඔවුන් පාද යාත්‍රා ගිය පමණින් රටේ කිසිඳු පාලනමය වෙනසක් සිදු නොවන බවද ඒ මහතා පෙන්වා දී තිබේ.
එමෙන්ම ජාතික ආණ්ඩුවක් යනු මහින්ද රාජපක්ෂ මහතා විවේක වේලාවේ මිතුරන් සමග සෙල්ලම් කරන කාඩ් පැක් එකක් නොවන බව සිහි තබා ගත යුතු බවද ඔහු පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ සිදු කරන්නේ කාඩ් සෙල්ලම් කිරීමක් බවත්, එම සෙල්ලම සැමදා සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් ඉසුර දේවප්‍රිය පෙන්වා දෙයි.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට රටේ ජනතාව විසින් වසර 11ක් තුළ අවස්‍ථා 2ක් ලබා දුන් බවත්, දැන් ඒ මහතා දේශපාලන වශයෙන් විශ්‍රාම ගෙන විවේකී සුවයෙන් සිටිය යුතු බවත් ඔහු පෙන්වා දී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලක්ෂ 58ක ජනතාවක් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පැවසීම පට්ටපල් බොරුවක් බවත් ඒ පවසයි.
එමෙන්ම මෙය උදය ගම්මන්පිල උන්නැහේ හා විමල් වීරවංශ උන්නැහේ විසින් මහින්ද රාජපක්ෂ මහතා කඩේ අරගෙන යාමක් බවත් ඔහු පෙන්වා දෙයි.
ලක්ෂ 58ක් නොව ලක්ෂයක ජනතාවක් කොළඹට ගෙනවිත් පෙන්නන ලෙස උදය ගම්මන්පිලට හා විමල් වීරවංශ යන දෙදෙනාට අභියෝග කරන බවද එහිදී පැවසීය.
එමෙන්ම දේශපාලන අද පාළුවන්ට නොරැවටී කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බවදපවසයි.

Related