තලෙයිබාන් බුදුදහම

වර්තමාන දියුනු මිනිස් ශිෂ්ටාචාරය තුල ආගමක් පවතිනවානම් පැවතිය යුතු එකම විදිහ වන්නේ එය පුද්ගලික තෝරාගැනීමක් ලෙස පමණි.ඉන් එහාට එය කොයි ලෙ...

වර්තමාන දියුනු මිනිස් ශිෂ්ටාචාරය තුල ආගමක් පවතිනවානම් පැවතිය යුතු එකම විදිහ වන්නේ එය පුද්ගලික තෝරාගැනීමක් ලෙස පමණි.ඉන් එහාට එය කොයි ලෙසකින් හෝ එම පුද්ගලික සීමාව ඉක්මවා පවතින්නට හෝ පවත්වාගෙන යන්නට යම් පිරිසක් රජයක් සංවිධානයක් උත්සාහ කරත් නම් එය අතිශය ප්‍රතිගාමීය.එය පැරණි පැවති වැවවසම් හෝ වහල් ක්‍රම භාවිත කිරීමක් සහ පිලිගැනීමක් වේ.නිදහස් මිනිස් ශිෂ්ඨාචාරයකට එය නොගැලපේ .එය සහමුලින්ම අනුචිතය. අතිශය ප්‍රතිගාමීය.

බුදුදහම යනු ලොව මෙතෙක් බිහිවූ පුද්ගල නිදහස අගයන වටිනාම ඉගැන්විම් සහිත ආගමක් යැයි මම සිතමි.එහි ගිහියන්ට නීති රීති පනවා නැත .ඒ තබා ඒ දහම අදහන්නන්ට පවා දහසක් නීති රීති පනවා නැත.එවන් නිදහස් කාමී ආගමක් වුව බලය අධිකාරය රාජ්‍ය වැනි සංකල්ප හරහා මෙන්ම සමාජ භාවිතයට පොදුවේ නීති/ රීති ගත කිරිම් තුල අත්වනුයේ කුමක්ද ? එය වනාහී කුරාණය මත පදනම් වූ තලෙයිබාන් ආගමික උන්මත්තකයන් අතින් නබි තුමාගේ හරයන් කුඩු පට්ටම් කරමින් ඒ ඉගැන්විම් වෙනුවට අතිශය මිලේඡ්ච අන්තයන් වෙතට ඒ දහම ඇදගෙන යන්නේ යම් සේද එයම බුදුදහමටද අඩු වැඩි වැඩි වශයෙන් උරුමය.

වැඩවසම් යුගවල පුද්ගල නිදහසක් නොතිබි අතර එය ගැන අවබෝධයක්ද නොතිබුනි.ආගමික සංස්ථාවද පාලනයේ එක් දැති රෝදරයක් විය. උපතින් පැවැත්ම සහ ඉරණම තීරණය වුනු එම සමාජ සම්බන්ධතාවයන්හි නිදහස් මිනිසෙකුට තම ඉරණම තමන් කැමති ලෙස හසුරුවා ගැනීමට ඉඩක් නොවීය.නමුත් වෙළදපොල ධනවාදය ලොව ක්‍රමයෙන් පුද්ගල නිදහස සොයන මිනිසාට වඩාත් ආකර්ශණය වෙන අද දවසේ ආගමද අන් සකල විධ කැමැත්තන් සේම බහු තෝරා ගැනීමට ලක්විය යුතු විෂයක් පමණි.තමන්ගේ රුචිය !! කැමැත්ත මත ආගමද පැවතිය යුතුය. කොටින්ම කිසිම ආගමක ඉගැන්වීම් හෝ අදහස් තුලින් තවත් කෙනෙකුගේ රුචියක් කැමැත්තක් විනාශ නොවිය යුතුය. ඊට අවහිර නොවිය යුතුය බාධා නොපැමිනිය යුතුය.

යම් ආගමක් අදහන්නා එහි හරයන් තමන් විසින් ආරක්ෂා කිරීම පුද්ගලිකව කරනු මිස අනෙකෙකු අතින් එය එසේම සිද්ධ විය යුතු යැයි සිතීම වැඩවසම් වහල් නෂ්ටාවශේෂ පුරුද්දකි. එය අදට උචිත නොවේ.මීට මුස්ලිම් ද කතෝලික බුදුදහම ද යන්න වැදගත් නැත.

මම මෙය සරලව පහදන්නම් !! - ඔබ මස් නොකන්නේනම් ඔබට ඉන් වැලකී ඉන්න බාධාවක් නැත . එහෙත් එය තව එකෙකු පිට පටවන්නට යාමෙන් වලකින්න . එසේම ඔබගේ සම්ප්‍රදායන් ඔබගේ සීමාව තුල තියාගන්න එය එහි සීමා මායිම් වලින් ඔබ්බට නොයවන්න. ඔබගේ අදහස ප්‍රචාරය කරන්න ඔබට අයිතියට ඇත. එහෙත් ඒවා නීතිමය හෝ පොදු බවට ( පොදුවේ කාටත් බලපාන ලෙසට ) බව්තීස්ම නොකරන්න.එසේ කරන උත්සාහයන් අතිශය ප්‍රතිගාමීය. එය නිදහස් මිනිසා නොඉවසයි.

ලංකාවේ ප්‍රධාන ආගම බුදුදහමයි.මෙය සත්‍යයක් . නමුත් එය අතීතියේ සිට පැවත එන්නේ යැයි කියා අදත් එය එලෙසින්ම තිබිය යුතුයැයි සිතීම අතිශය වැරදිය.මන්ද අප ඉන්නේ අතීතියේ නොවන නිසාය.මා මුලින් කියූ පරිධි අද ලංකාවේ බුදුදහම එදා මෙන් ( රජ දවස ) පවත්වාගෙන යා නොහැක. එසේ කිරීම මිනිස් නිදහස වළ දැමිමකි.මස් ! උදාහරණයම ගතහොත් පෝය දවසට මස් කඩ වැසීම පුද්ගල නිදහසට මරු පහරකි.අප විසින් එම සම්ප්‍රදාය වෙනස් කරගත යුතුව ඇත. එම සම්ප්‍රදාය පුද්ගලිකව යමෙකුට කිරීමට ඇති අයිතිය එසේම තිබියදී ඊට එකඟ නොවන අයට ඉන් බැහැරව කටයුතු කරන්නට ඇති අයිතිය ද පිලිගත යුතුව ඇත.එසේ නොකරන්නේ නම් අප වලදමන්නේ නිදහසයි.

බුදුන් ( මා බුදුදහම ගැන ඉතාමත්ම මද වශයෙන් දන්නා අයෙක්මි) පුද්ගල නිදහස ගැන සිය ඉගැන්වීම් හරහා කෙතරම් දේශණා කලද ලංකාවේ ආගමක් ලෙස එය පැවතිමේදි මුල් ඉගැන්විම් වලින් කෙතරම් දුරස්ථද .සංඝ සංස්ථාව මහජනයාගේ කලා කෘතියක් කෙරෙහි පවා දක්වන බලපෑම අති මහත්ය. ජනප්‍රිය තරුණ ගායක ගයාන් පෙරේරා ( සුනිල් පෙරේරා ගේ පුත් ) ගේ ගීතයක ජය මංගල ගාථා තිබීම ට ආ විරෝධය නිසා ඒ ගීතය ගායනා කල ගායකයා එය නවතා දැමීය. නාට්‍යකට ගල් ගැසීම වැනි දඩුවම් දිය යුතු අපරාධයක් සිදුකර නිදැල්ලේ සිටිමට බලයක් සිවුර ට ඇත්තේ බුදුදහමේ ඉගැන්වීම් මත ද ? නැත. ඒ නම් ආගමක් අධිකාරිබලයක් සහිතව පැවතීමේ අනිටු විපාකයේ මහිමයයි.බුදුදහම වැනි අවිහිංසාවාදි පුද්ගල නිදහස පිලිගන්නා ආගමක් මෙවැනි ජඩ ලෙස නිදහස විනාශ කරන තත්ත්වයකට මෙසේ පත්වේ නම් අනික් ආගම් ගැන කවර කතාද ?

මධ්‍යතන යුගවල අලුත් දේ සොයාබැලූ නිදහස් මිනිසුන් විනාශ කල කතෝලික / ක්‍රිස්තියානි දහම එම වැරැද්ද අද හදාගෙන ඇත.දියුනු බටහිර රටවල බලවත් වෙමින් සිටිනුයේ පුද්ගලික මිනිසා මිස පොදු !! බවේ සංකල්ප නොවේ. ( මෙය ආර්තිකය දේශපාලනය ටද අදාළය ) ආගම පුද්ගලික දෙයක් මිස පොදුවේ කව්රුත් අවනත විය යුතු සංකල්ප සපයන බලාධිකාරියක් නොවිය යුතුය . යන්න බටහිර සහ දියුණු රටවල දැකිය හැකි තත්ත්වයකි.


ආගමක් එහි මුල් හරයන්ට අනුව පවතින්නනම් අද දවසේ කල යුතුව ඇත්තේ එම ආගමට අනුව ජීවත් වන්නට කැමති අය ඊට නිදහස්ව කටයුතු කරගෙන යාමට පමණක් අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි. එම අදහස් අනුව අන් අයට කැපකිරිමක් කැමැත්තෙන් තොරව කිරීමට බලහත්කාරය මත ක්‍රියාකරවීමට යෑම තුල ආගමික මූලික හරයන්ද විනාශ ට යාම සිදුවේ. නබිතුමාගේ ඉගැන්වීම් වල වටිනාකම් සේම බුදුන්ගේ ඉගැන්වීම් වල වටිනාකම්ද ආරක්ෂා වනුයේ මගින් පමණි.

ලංකාවේ බුදුදහමහි සංස්ථාපිත නියෝජනය වන සංඝ සංස්ථාව අද ද උත්සාහ ගනුයේ රජකාලේ පැවති තත්වය අදද රැකගැනීමට යාමයි.මෙය වඩාත් නිවැරදිව කියන්නේ නම් එය ( බුදුදහම ) උත්සාහ ගන්නේ අතීතයේ පැවති බලය එලෙසින්ම තබා ගැනීමටයි. ගීතයක තනුවකට එන විරෝධයක් තුල එය නැවැත්වීමට බලයක් සිවුරට ඇත්තේ මේ සන්දර්භය තුලය.ඇත්තෙන්ම අද කිසිම කලාකරුවකු නිර්භයව සංඝ සංස්ථාව හෝ බුදුදහම විවේචනයට ඉදිරිපත් නොවනුයේ මේ හැංගී සිටිය බලසම්පන්න මකරාට බයෙනි. සිවුර යනු එම මරකාය.

සිවුර ඉතිහාසය පුරාම නියෝජය කලේ නිවැරදි බුද්ධ ඉගැන්වීම් නොවුනද යම් මෙහෙයක් ආධ්‍යාත්මික අතින් අතීතයේ ඉටුකර ඇත. එහෙත් ඒ යුගය දැන් නිම වී ඇත. අද එය නියෝජනය කරනුයේ හුදෙක් බුද්ධාගමවත් පෙර රැකි ආධ්‍යාත්මික හුය වත් නොවේ. ඉතිහාසයේ පැවති වැඩවසම් යුගයේ කුනු ඔජස පමණි. මෙය තවදුරටත් බුදුන්ගේ වටිනා ඉගැන්වීම් නියෝජනය නොකරන බව අද සංඝ සංස්ථාවේ ක්‍රියාකලාපය දෙස බැලිමේදි පහසුවෙන් අපට තේරුම් යා යුතුව ඇත.අද ලංකාවේ බුදුදහම යනු වේගයෙන් තලෙයිබාන් කරණයට ලක්වෙන තවත් එක් මූලධර්මික උන්මත්තක ධාරාවක් බවට පිරිහෙමින් පවතින දෙයක් පමණි.

ක්‍රිෂ්ණා රාමනායක



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 7064095985445180905

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item