අරණායක වැසියන් පාරේ උද්ඝෝෂණ - චෝදනාව රජය සාධාරණය ඉටුකර නැ

නාය යෑමට ලක්වූ අරණායක සාමසර කන්ද හා ඒ අවට ප්‍රදේශවාසින් අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සහ අද දහවල් අරණායක ප්‍රාදේශීය ලේකම්...

නාය යෑමට ලක්වූ අරණායක සාමසර කන්ද හා ඒ අවට ප්‍රදේශවාසින් අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සහ අද දහවල් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරතව තිබේ.

අරණායක සිදුවූ නායයෑමෙන් අනතුරුව අධි අවදානම් කලාප ලෙස නම් කළ නිවාස පිහිටි ස්ථානවලින් ඉවත් කළ ජනතාවට නැවත එම ස්ථානවලම පදිංචිවන ලෙසට උපදෙස් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බව සඳහන්ය.

අරණායක සාමසර කන්ද අවට ජනතාව සහ එළඟපිටිය, අම්බලකන්ද, නාරංගල, ගම්තුන වැනි ප්‍රදේශවල ජනතාව ද මෙම විරෝධතාව සඳහා එක්ව තිබේ.

මේ හේතුවෙන් අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද පැය තුනක පමණ කාලයක් බාධා එල්ල වු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ගේ ගැටළුව පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුවත් කර ඇත.

ලබන සිකුරාදා පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සහභාගී කරවන ලෙසට අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇති අතර ඒ අනුව විරෝධතාකරුවන් විසිර ගිය බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි දිවිනැඟුම බැංකු සංගමයේ ගොඩනැගිල්ලේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකුට විරෝධතාවය අවසන් වීමෙන් පසු ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය.

ඒ වහලය මත නැගීමට ඔවුන් උපයෝගි කරගත් ඉනිමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යම් නිලධාරීන් පිරිසක් විසින් ඉවත් කර තිබීම හේතුවෙනි.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3522902343536347370

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item