එ ජාතීන් කිසි වැඩකට නැති සංවිධානයක් - පිලිපීන ජනපති එක්සත්ජතින්ගේ සංවිධානය පතුරු ගහයි

ත්‍රස්තවාදය, ගැටුම් මෙන්ම දුප්පත්කම දුරලීමට අපොහොසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට අලුතින් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය මෙන්ම අප්‍රිකානු රට...

ත්‍රස්තවාදය, ගැටුම් මෙන්ම දුප්පත්කම දුරලීමට අපොහොසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට අලුතින් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය මෙන්ම අප්‍රිකානු රටවලින් ඉල්ලා සිටින බව පිලිපීනයේ නව ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ අවධාරණය කරයි.

මෑතකදී බලයට පත්වූ නව ජනාධිපතිවරයා එරට තුළ මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඝාතනය කිරීමේ බලය ආරක්ෂක අංශ වෙත පැවරීමත් සමග මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකරන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙසේ පවසා තිබේ.

යම් ලෙසකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර්ජාතික නීතිය යටතේ තමාගේ වැඩපිළිවෙළට එරෙහි වන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීමටද තමා පසුබට නොවන බව ඩුටාර්ටේ ජනපති අවධාරණය කර තිබේ.

ඔහු බලයට පත් වූ මැයි මාසයේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් 900කට ආසන්න පිරිසක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස එක්සත් ජාතීන් දකියි.

ඊට ප්‍රතිචාර දක්වා ඇති දුටාර්ටේ පවසන්නේ මානව හිමිකම් විශේෂඥයන් යනු අඥානයන් බවය. ඔවුන් මත්ද්‍රව්‍ය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිළිබඳ නොසලකා ප්‍රකාශ නිකුත් කරන බවද ජනපතිවරයා පෙන්වා දෙයි.

"ඔබ ඔය තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවේවි. අපිව ඔය සංවිධානයෙන් ඉවත් කරන්න. ඔබලා කිසිම දෙයක් කරලා නැහැ. ඇත්තටම කොහෙද මෙච්චර කල් හිටියෙ? අපි විවේචන විතරක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔබලා අපේ සාමාජික මුදල් ආපසු දෙන්න, එවිට අපිට අයින්වෙන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට මං ගැන එක වරදක් පෙන්වන්න පුළුවන් නම්, මට ඔවුන් ගැන වරද 10ක් පෙන්වන්න පුළුවන්. කිසිම වැඩකට නැති සංවිධානයක්. මොකද, ඔබලා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම්, මේ සියලු යුද්ධ, මනුෂ්‍යය ඝාතන නවත්වන්න ඔබලාට පුළුවන් වෙන්න ඕනෙනෙ" යැයි ඩුටාර්ටේ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ඉහළ ජනවරමක් සමග මැයි 9 වැනිදා බලයට පත්වූ රොඩ්‍රිගෝ ඩුටාර්ටේ තම මැතිවරණය පොරොන්දුවක් ලෙස පිලිපීනය වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම එරටින් අතුගා දමන බව පොරොන්දු විය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කිසිවෙකුට කිසිදු සමාවක් නොදෙන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරක්ෂක අංශ වෙත වැඩි බලයක් ලබාදී තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දුටාර්ටේ සම්බන්ධයෙන් කවරක් ප්‍රකාශ කළත්, ඔහු තවමත් පිලිපීන ජනතාවගේ හදවත් දිනූ ජනප්‍රියතම දේශපාලඥයෙකු බව විදෙස් වාර්තා පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 5154699332910386670

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item