මහින්දගේ රහස් වහා හෙළිකරන්න - වසන්ත සමරසිංහ ජනපතිට ලියයි

පසුගිය පාලන සමයේදී සිදුකළ වංචා, දූෂණ, මිනීමැරුම් පිළිබඳව දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ජනාධිපතිවරයා විසින්ම වළක්වමින් ඇති බව ඒ මහතා විසින් ...

පසුගිය පාලන සමයේදී සිදුකළ වංචා, දූෂණ, මිනීමැරුම් පිළිබඳව දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ජනාධිපතිවරයා විසින්ම වළක්වමින් ඇති බව ඒ මහතා විසින් පසුගියදා මාතරදී සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිළි වන බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ දූෂිත බලවේග පරාජය කර ජනතාව ජනවාරී 08 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති කළේ රහස් රැකීමට නොව, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට බවයි.

වසන්ත සමරසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.



2016. 08. 23
අතිගරු ජනාධිපති
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

හිටපු පාලකයාගේ සඟවාගෙන ඇති රහස් හෙළි කරන්න


ඔබතුමන් විසින් පසුගිය දිනක මාතර පැවති ජනහමුවකදී කළ ප‍්‍රකාශයක් පිළිබඳවයි. එහිදී ඔබතුමන් විසින් හිටපු පාලකයා ලෙස හඳුන්වමින් කත‍ා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස පිළිබඳවයි. ඔවුන් විසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එරෙහිව ගෙනයන කි‍්‍රයා මාර්ගය අඩපණ කිරීම සඳහා පසුගිය පාලන සමයේ කරන ලද හිටපු පාලකයින්ගේ රහස් හෙලිකරන බවට කරන ලද තරවටුවකි. 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයේදී හිටපු පාලකයින්ව එළවා දැමීමට රටේ ජනතාව ඡන්දය පාවිච්චි කළේ කිසිවෙකුගේ රහස් රැකීමට නොවන බව ඔබතුමාට අදහසක් ඇතැයි අප විශ්වාස කරමු.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, මහජන දේපල කොල්ලයටත් එරෙහිව නැගී සිටි ජනතාව ජීවිත පරදුවට තබමින් රාජපක්‍ෂ හවුල් පාලනයට එරෙහිව කටයුතු කළේය. එසේ කටයුතු කළ සියලූදෙනාගේ අපේක්‍ෂාව වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර නීතියට බලපෑම් නොකර, දූෂිතයන්ට දඬුවම් දීමට ඔබතුමා ප‍්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි යන්නය.

ඔබතුමන් විසින් මාතර දී කරන ලද ප‍්‍රකාශය එසේ විශ්වාසයෙන් කටයුතු කරන ලද ජනතාවගේ අපේක්‍ෂාවන්ට පයින් ගැසීමකි. පසුගිය රාජපක්‍ෂ පාලන සමය තුළ සිදුකරන ලද මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳවත්, ඒවාට නීතිය කි‍්‍රයාත්මක වීම පිළිබඳවත් ජනතාවට ඇත්තේ සැකයක් හා අතෘප්තියකි. එය තවදුරටත් ඔබතුමාගේ ප‍්‍රකාශයෙන් තහවුරු කර ඇත. ඔබතුමන් විසින් සඳහන් කරන ලද රහස් විය හැක්කේ මහජන දේපල කොල්ලකෑම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයා මෙන්ම රාජපක්‍ෂ පවුල් පාලනයට එල්ල වී ඇති චෝදනාවන් පිළිබඳවය. ඒවා රහස් මෙන් රැකගෙන කටයුතු කිරීම බරපතළ තත්ත්වයකි. ඒවා පිළිබඳව දැනගැනීමට රටේ ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත. එම තොරතුරු හෙළි නොකර රඳවා තබා ගැනීම ඔබතුමන් බලයට ගෙන ඒමට චන්දය දුන් 62 ලක්‍ෂයක් ජනතාවගේ ජනමතයට එරෙහි වීමකි. රාජපක්‍ෂ පාලන සමයේ අවසාන මාස කිහිපය තුල ඔහු සිදුකළ ආකාරයටම, දේශපාලන දඩයමක් සඳහා රාජපක්‍ෂ පාලන සමයට අදාළ වැදගත් තොරතුරු රහස් ලෙස තබා ගනිමින්, ඒවා රාජපක්‍ෂ මහතා ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා කරන අරගලය අඩපණ කිරීමට පාවිච්චි කිරීම කිසිසේත් අනුමත කළ නොහැක්කකි.

ගරු ජනාධිපතිතුමනි,

පසුගිය පාලන සමයේ පාලකයින් විසින් කරන ලද සියළු කි‍්‍රයාකාරකමි (වංචා, දූෂණ, මිනිමැරුම්) පිළිබඳව දැනගැනීමට අපට ඇති අයිතියට මෙන්ම ජනතාවට ඇති අයිතිය ඔබතුමන් විසින් වළක්වමින් ඇති බවට ඔබතුමන්ගේ ප‍්‍රකාශයෙන් තහවුරු වෙයි. එබැවින් නීතියට සාධාරණව කි‍්‍රයාත්මක වීමට ඉඩ හැර පසුගිය පාලන සමයේ සිදුකරන ලද සියළු දූෂිත කි‍්‍රයා පිළිබඳව තොරතුරු ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

එසේම ඔබතුමා විසින් නව පක්‍ෂ හැදුවොත් පසුගිය පාලන සමයේ පාලකයින්ගේ රහස් හෙලි කරනවා යැයි සඳහන් කළ තොරතුරු ජනතාවට දැන ගැනීම සඳහා හෙළි කරන ලෙසද දූෂණ විරෝධි හඬ සංවිධානය ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට විශ්වාසී,
වසන්ත සමරසිංහ
කැඳවුම්කරු
දූෂණ විරෝධි හඬ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2700293324487842569

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item