ව්‍යාපාරිකයා ඝාතනයේ සැක පස් දෙනකුගේ විදෙස් ගමන් තහනම්
බම්බලපිටිය මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්...

https://www.sathhanda.com/2016/08/blog-post_632.html
බම්බලපිටිය මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මින් මද වේලාවකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකට නියෝග කළේය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට විස්තර ලැබී ඇති බවයි.
ඔවුන් එතෙර යාමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වේ.

Related