අලුත් පක්ෂයක් ඕන නෑ - ඒකාබද්ධ විපක්ෂය නමින් ඡන්දයකට යමු
අලුතින් පක්ෂයක් පිහිටුවීම අනවශ්‍ය බවත්, දැනට තිබෙන ඒකාබද්ධ විපක්ෂය නමින් ඡන්දයකට යාම සුදුසු බවත්, පා.ම වාසුදේව නානායක්කාර මහතා පවසයි. ස...

https://www.sathhanda.com/2016/08/blog-post_724.html
අලුතින් පක්ෂයක් පිහිටුවීම අනවශ්‍ය බවත්, දැනට තිබෙන ඒකාබද්ධ විපක්ෂය නමින් ඡන්දයකට යාම සුදුසු බවත්, පා.ම වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
එහිදී ඔහු පැවසුවේ දැනට පවතින තත්ත්වය හමුවේ අලුතින් පක්ෂයක් සෑදීමේ අවශ්‍යතාවයක් නැති බැවින් ඒකාබද්ධ විපක්ෂය ලෙස නව සලකුණකින් මැතිවරණයකට යාමට හැකි බවයි.
පක්ෂය ලියාපදිංචිය ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ග මගින් පක්ෂයේ හිමිකාරත්වය ගැන තීරණය කළ හැකි බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වාදුන්නේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතාගේ ශ්‍රී ලංකාගමනය ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහලේකම්වරයා පැමිණෙන්නේ සංහිඳියාව ගැන සොයාබැලීමට නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සංහිඳියාවක් නැති බව පනත් සම්මත කිරීමට යාමේදී පසුගියදා පැහැදිළි වූ බවයි.

Related