සංවිධායකකම ඉවත් කිරීම ගැන සතුටු වෙනවා - කෙහෙළිය රඹුක්වැල්ල
සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (1...

https://www.sathhanda.com/2016/08/keheliya-rambukwella.html
සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (17) පැවැසීය.
මෙතෙක් කල් දෙගිඩියාවකින් කටයුතු කළ බවත් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ සෘජුව විපක්ෂයේ කාර්යභාරය කරමින් ආණ්ඩුවේ ලැජ්ජා සහගත සහ නින්දිත කටයුතුවලට විරුද්ධව හඬ නැඟිය හැකි බවත් රඹුක්වැල්ල කීවේය.
“අපට මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් කරලා නැහැ. එහෙත් අපව සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව රටටම දැනුම් දීලා. සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම ගැන මා පුද්ගලිකවම සතුටු වෙනවා. විපක්ෂය ලෙස වැඩ කිරීමේදී මේ තනතුරු බාධාවක් වී තිබුණා. මෙය ඉතාම සතුටුදායක ආරංචියක්.“ යැයිද ඔහු කීවේය.

Related