බුද්ධ මන්දිරය එපා උතුරේ යෝජනාව සම්මතයි - දකුණේ සහජීවනය උතුරේ නැ
කිලිනොච්චිය ඉරණමඩු කනකඅම්බිගෙයි අම්මාන් කෝවිල අසළ බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් වහාම නතර කළ යුතු බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබ...

https://www.sathhanda.com/2016/08/blog-post_203.html
කිලිනොච්චිය ඉරණමඩු කනකඅම්බිගෙයි අම්මාන් කෝවිල අසළ බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් වහාම නතර කළ යුතු බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ සුබ‍්‍රමනියම් පසුපතිපිල්ලේ විසින්. කන්දයියා සර්වේෂ්වරන් එය ස්ථිර කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් බව වාර්තා වෙනවා
කනකඅම්බිගෙයි අම්මාන් කෝවිලට අයත් ඉඩමෙන් අක්කර 4 ක ප්‍රමාණයක් යුද හමුදා කඳවුරකට අත්පත් කරගෙන ඇතැයි ද බුද්ධ මන්දිරය ඉදි කෙරෙන්නේ එම ඉඩමේ බවද කන්දයියා සර්වේෂ්වරන් කියා සිටියා. කෝවිලේ ප්‍රධාන පූජකවරයාගේ නිවස ද ඒ අසළම පිහිටා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
දකුණේ රජයේ පිරිස් මෙන්ම රජයට හිතැති පිරිස පුල පුලා මතු කරන්නට උත්සහ කරන සහජීවනය උතුරේ ඒ අයුරින් ක්‍රියාත්මක නොවන බවට මෙය තවත් උදාහරණයකි. රජය උතුරේ ජනයාටත් සහජීවනයේ පාඩම කියා දෙන්නේ නම් මැනවි.
Related