හිටපු LTTE රැදවියන්ට විෂ එන්නත් කරලා. පරීක්ෂා කරන්න පළාත් යෝජනාවක් - මහා ඇමති විග්නේශ්වරන්ගෙන්

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විස එන්නත් කොට ඇත්දැයි පරීක්‍ෂා කිරීම සදහා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු...

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විස එන්නත් කොට ඇත්දැයි පරීක්‍ෂා කිරීම සදහා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් වී තිබෙනවා.

මුලතිව් දිස්ති‍්‍රක් උතුරු පළාත් සභා මන්තී‍්‍ර ටී රවිහරන් සකස් කළ යෝජනාව එම පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්.

අදාළ පරීක්‍ෂණය සදහා ආණ්ඩුව සහයෝගය ලබාදිය යුතු බවද අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් සී වී විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුව කෙරුණු විමසීමකදී උතුරු පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් ප‍්‍රකාශ කර ඇත්තේ පුනරුත්ථාපනය ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් 107 දෙනෙකු හදුනා නොගත් රෝගයකින් ජීවිතක්‍ෂයට පත්වීම හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණු බවයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6448074706737661383

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item