ඒක මට ආදාළ නෑනේ - මහින්ද රාජපක්ෂ

යුද්ධයෙන් තුන්කාලක් අවසන් කළ බව කියන කෙනාගෙන් ප්‍රශ්ණ නොකර ජාත්‍යන්තරය තමා සම්බන්ධයෙන් වෛරී සිතුවිල්ලක සිටීම පුදුම සහගත බව හිටපු ජනාධිපත...

යුද්ධයෙන් තුන්කාලක් අවසන් කළ බව කියන කෙනාගෙන් ප්‍රශ්ණ නොකර ජාත්‍යන්තරය තමා සම්බන්ධයෙන් වෛරී සිතුවිල්ලක සිටීම පුදුම සහගත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විදේශයකදී ඔබතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා. ඒ , තම පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේදීයී.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුදල් විශුද්ධිකරණ පනත උල්ලංගණය කිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය තවමත් කොටි හිතවාදී සංවිධාන වලින් එල්ලවන බළපෑම් හමුවේ තවමත් පවතින අවධානම් සහගත තත්ත්වය පිළිබඳ අදාළ අවස්ථාවේදී මෙම මාධ්‍යවේදීයා ප්‍රශ්න කළා. යුද්ධය අවසන් කළ තමන්ට එවැනි බළපෑම් ඇති බව දන්නා නමුත් යුද්ධය බහුතරය අවසන් කළ බව කියන පුද්ගලයන්ට අදාළ බළපෑම් ඇති නොවීම පුදුම සහ හාසයජනක බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වුණේ. යුද්ධයෙන් වැඩි කොටස තමා අවසන් කර තිබූ බවත් , මහින්ද රාජපක්ෂ මහතාට අවසන් කිරීමට ඉතිරිව තිබුනේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විමසූ විට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ” ඒක මට ආදාළ නෑනේ” යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7017811699670357874

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item