මෛත්‍රී රහස් හෙළිකරන බවට තර්ජනය කරද්දී මහින්දත් ප්‍රබල රහසක් හෙළි කරයි
අලුතින් පක්ෂ බිහිවීම, බලපෑම් කිරීමෙන් නතර කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බත්තරමුල්ල සමෘද්ධි සංග...

https://www.sathhanda.com/2016/08/mahinda-rajapaksa_22.html
අලුතින් පක්ෂ බිහිවීම, බලපෑම් කිරීමෙන් නතර කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බත්තරමුල්ල සමෘද්ධි සංගම් ශාලාවේ අද (22) පැවති උත්සවයකදීයි.ඉකුත් මහමැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා සමග සිදුවූ කතාබහක් ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අනාවරණ කළා. එහිදී ඔහු පැවසුවේ
“ආසන 95 ක් ලැබුණම ජනාධිපතිතුමා කතා කරලා කිව්වා මම දැනගත්තා ඔයාලා 117 ක් ගනී කියලා.. ඒ නිසා තමයි මම කට්ටිය අස් කළේ කියලා. අස්කරපු හින්දා තමයි ඔයාලට 95 ලැබුණෙ කියලා.” යනුවෙනි.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 19 වැනි නියෝජිත සම්මේලනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

Related