තර්ජනය කරලා පක්ෂ හදන එක නවත්තන්න බැ. පක්ෂ හැදෙනවා - මහින්ද රාජපක්ෂ (Video)
තර්ජනය කරමින් අලූත් පක්‍ෂ හැදෙන බවත් එය කිසිවෙකුට නතර කල නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ක...

https://www.sathhanda.com/2016/08/mahinda-rajapaksa_23.html
තර්ජනය කරමින් අලූත් පක්‍ෂ හැදෙන බවත් එය කිසිවෙකුට නතර කල නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ කොළඹදී පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරී සංගමයේ 19 වන නියෝජිත සම්මේලනය අමතමිනි.
පක්ෂ දෙක ඒකාබද්ධව ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසුරුවා හැර නව පක්ෂයක් බිහි කළ යුතු බවද ඔහු පැවසුවේය.
තීන්දු ගැනීමේ නිදහස තිබිය යුතු යයිද කී හිටපු ජනාධිපතිවරයා තර්ජනය කලයිට සිදුවන්නේ නැති ඒවාද හැදීම බවද කියා සිටියේය.
අලූත් පක්‍ෂ හැදෙන බව රාජපක්‍ෂ මහතා කියද්දී සභාවෙන් නැගුනු මහ අත්පොලසන් නාදය මැද සිනාසෙමින් ඔහු කියා සිටියේ තමන් අලූත් පක්‍ෂයක් හදන බවක් ඉන් අදහස් නොකල බවයි.
මුළු සභාවම ඔහු හා එක්ව එයට සිනාසුනේ හිටපු ජනපති ස්ථිරවම යමක් ඉඟි කල බවත් දැනුනා සේය.

Related