අපිව පෙරළන්න අලුත් පක්ෂ හදනවලු , හදලා බලමු - ජනපති මෛත්‍රී යහපාලන පළමු සංවත්සරයේදී
නව දේශපාලන පක්ෂයක් බිහිකළහොත් මෙතෙක් හෙළි නොකළ දේශපාලනික රහස් හෙළි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (19) ප්...

https://www.sathhanda.com/2016/08/maithripala-sirisena-mathara.html
නව දේශපාලන පක්ෂයක් බිහිකළහොත් මෙතෙක්
හෙළි නොකළ දේශපාලනික රහස් හෙළි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (19) ප්‍රකාශ කළා. ඒ, යහ පාලනය ආණ්ඩුවේ පළමු
වර්ෂ පූර්ණ සැමරුම් උත්සවයට මාතරදී එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ ඔහු,
“මේ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි අවුරුදු 5ක කාලය තුළ ශක්තිමත්ව , ජාතියට හිතෛෂිව මුළු මහත් ජාතියේ යහපත සඳහා ඉදිරි අවුරුදු 5 යනවා වගේම 20/20 තීන්දු කරනවා එතනින් එහාට අපි ආණ්ඩු කරන්නේ කොහොමද කියලා මම බොහොම පැහැදිලිවම කියන්න ඕනේ. දූෂණයට , වංචාවට , හොරකමට , නාස්තියට ඔටුනු පළඳපු මිනිස්සුන්ට මේ රටේ නැවත ආණ්ඩුවක් කරන්න අපි කිසි දවසක ඉඩ තියන්නේ නැහැයි කියන එක බොහොම පැහැදිලිවම අපි කියනවා.
අපිව පෙරළන්න අලුත් පක්ෂ හදනවලු , හදලා බලමු. මම ඒගොල්ලන්ට කියනවා ගිය අවුරුද්දේ ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපතිවරණය වෙලාවේ ඒ ගොල්ලන් කරපු වංචා , දූෂණ , හොරකම් ඉතාම අශිලාචාර තත්ත්වය අපි එදා හෙළිකලා වගේම , ඒගොල්ලො අලුත් පක්ෂයක් හැදුවොත් , හදපු දවසට මෙතෙක් කල් නොකියපු දේවල් , මෙතෙක් කල් රහස් විදිහට තියාගෙන හිටපු දේවල් , මේ සියල්ල එළියට දාලා ඒගොල්ලන්ට සදාකාලිකවම ආණ්ඩුකරන්න නෙමෙයි මහපාරේ ඇවිද ඇවිද ඉන්ඩ. අපි අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවයි කියන එක මම බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ”. යයි පැවසීය.

Related