මහින්දට බැරි හින්ද ජනතාව රට මට දුන්නා - රනිල් යහපාලන පළමු සමුවේදී කියයි
මේ ආණ්ඩුව තමාට ලබාදෙනු ලැබුවේ දිගින් දිගටම ලෝකයට ණය වී රට අගාධයට තල්ලුවී ගිය පසු තවදුරටත් ගෙනයා නොහැකි නිසා බව අග්‍රාමාත්‍ය රනිල් ...

https://www.sathhanda.com/2016/08/ranil-mathara.html
මේ ආණ්ඩුව තමාට ලබාදෙනු ලැබුවේ දිගින් දිගටම ලෝකයට ණය වී රට අගාධයට තල්ලුවී ගිය පසු තවදුරටත් ගෙනයා නොහැකි නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ අද(19)මාතර,සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති යහපාලන ආණ්ඩුවේ පළමු ජාතික සැමරුම් උළෙලට සහභාගිවෙමිනි. එම අභියෝගය බාරගෙන මේවන විට රට ක්‍රමයෙන් දියුණු කරමින් සිටින බවත්,පළමු අවුරුද්ද අද දිනයේ සමරනු ලැබුවද දෙවෙනි අවුරුද්ද සමරන විට මීට වඩා විශාල දියුණුවක් ලබාතිබෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියි.
ක්‍රිකට් ආයතනයේ හොරු පන්නා දැමූ පසු දැන් දැන් ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය තහවුරු කරන බවද,රටේ හොරු පැන්නීමෙන් රටේ සංවර්ධනයද දැන් දැන් අත්පත් කරගනිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම කටයුතු සිදුකරමින් යනවිට තමාට 'දේශද්‍රෝහියා'යයි කියන බවත්,තමන් ප්‍රභාකරන්ට සල්ලි පොට්ටනි ලබාදී ඡන්දය ලබාගැනීමට කටයුතු නොකළ බව අග්‍රමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
"එකතුවී ගම හදමු",එකතුවී රට හදමු"යයි ද,'එකතුවී අනාගතය ගොඩනඟමු' යයි සියලුදෙනාට ආරාධනා කරන අග්‍රාමාත්‍යවරයා "වෙන් වෙන්ව තරඟ කරමු" යයි යෝජනා කළේය.
එහෙත් මහින්ද ඉවත් කරමින් බලය දෙනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට මිසක් රනිල් වික්‍රමසිංහ මහතාට නොවේය. එය ජනවාරි 8වනදා පැවතී ජනාධිපතිවරණයෙන් තහවුරු විය.
මේ අවස්ථාවට සැලකිවයුතු සෙනගක් බලාපොරොත්තුවෙන් පිටිය වෙන්කරගෙන තිබුනත් ජන සහභාගිත්වය අඩු මට්ටමක පැවතුනි.
Related