කෙහෙළියට ජනපතිගෙන් ඇමතුමක්
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය මේ වනවිට රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය මෙය දැඩිව විවේචනය කරමින් සිට...

https://www.sathhanda.com/2016/08/maithripala-sirisena.html
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය මේ වනවිට රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය මෙය දැඩිව විවේචනය කරමින් සිටින අතර මෙම කාර්යාලය පිළිබඳව තම අදහස් දැක්වීම සඳහා පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.
මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා කෙහෙළිය රඹුක්වැල්ලයි. මෙහිදී ජී.එල්. පීරිස් විසින් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය විවේචනය කරනු ලැබුවා.
මෙම මාධ්‍ය හමුව රූපවාහිනියෙන් දුටු ජනපතිවරයා පසුවදා කෙහෙළිය රඹුක්වැල්ලට දුරකථනයෙන් අමතා තිබෙනවා.
“ඔයගොල්ලෝ මේ කාර්යාලය පිළිබඳව දක්වන විවේචන හා එහි ඇතැයි ඔයගොල්ලෝ හිතන අඩුපාඩු මට ලිඛිතව ලබාදෙන්න” යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
“හරි අපි එකඟයි. අපි මේ ගැන සාකච්ඡා කරලා ලිඛිතව අපේ කරුණු ඔබතුමා වෙත ලබාදෙන්නම්” යැයි මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දුන් බවයි පැවසෙන්නේ.

Related