සහන එපා ඉඩම් දෙන්න – උතුරේ වැසියෝ ඉල්ලති (PHOTOS)

සහන කිසිවක් නොව තමන්ට හිමි මුල් ඉඩම් පමණක් ලබාදෙන ලෙසට යාපනයේ අවතැන් ජනතාව රජයෙන් ඉල්ලීමක් කරනවා. මෙම ඉල්ලීම සිදුකළේ යාපනය මල්ලාකම්, කෝනපුල...

සහන කිසිවක් නොව තමන්ට හිමි මුල් ඉඩම් පමණක් ලබාදෙන ලෙසට යාපනයේ අවතැන් ජනතාව රජයෙන් ඉල්ලීමක් කරනවා.

මෙම ඉල්ලීම සිදුකළේ යාපනය මල්ලාකම්, කෝනපුලව් සහන කඳවුරේ සිටින ජනතාව විසින්. ඒ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර කදවුරේ නිරීක්‍ෂණ චාරිකාවට එක්වූ අවස්ථාවේදීයි.

එහිදි අවතැන් ජනතාව ප‍්‍රකාශ කර ඇත්තේ තමන් වසර 26 ක් තිස්සේ තවමත් අවතැන් කදවුරුවල ජිවත් වන බවයි. සිය මුල් ඉඩම් ආරක්‍ෂක අංශ කදවුරු වෙනුවෙන් පවරාගෙන ඇති බවද ඔවුන් මෙහිදී පෙන්වා දුන්නා.

අවතැන් ජනතාව ඇමතූ විදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අවතැන් කදවුරුවල සිටින ජනතාවට කඩිනමින් සිය මුල් ඉඩම් නැවත ලබාදෙන බවයි.

එමෙන්ම යුද සමයේ පවරාගත් ඉඩම් එහි මුල් පදිංචිකරුවන්ට ඉදිරි කාලයේදී ලබාදීම සදහා ආරක්‍ෂක අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1367725366369209219

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item