සම්මුතිවාදී වැඩපිළිවෙළ පළාත් සභාවටත් - රනිල් වික්‍රමසිංහ

මධ්‍යම ආණ්ඩුවේ සම්මුතිවාදී වැඩපිළිවෙළ පළාත් සභාව තුළද ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය. ප්‍රධාන ප...

මධ්‍යම ආණ්ඩුවේ සම්මුතිවාදී වැඩපිළිවෙළ පළාත් සභාව තුළද ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය.

ප්‍රධාන පක්ෂ දෙක එක්ව රට පාලනය කිරීමේ දී ගැටළු මතු වුවද එය ඉතා ශක්තිමත් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, මෙමෙස්ද පැවසීය

අප එකට එකතුවීම පමණක් ප්‍රමාණවත් නොවන බව මට පෙනී ගියා. එදා රට නැති කරලා, විනාශ කරලයි තිබුණේ. එවැනි රටක් නැවත ගොඩනගන්ට නම් අපි ඔක්කොම එකතු වෙලා යම්කිසි ක්‍රමවේදයකට අනුව ඒ කාර්යය කළ යුතු බව අපට පෙනී ගියා.

අපි මහා මැතිවරණයකට ගියා රජයක් හැදුවා. අපට 2/3 ක් ලැබුණොත් ජාතික ආණ්ඩුවක් ඇති කරන බවට අප කියා සිටියා. 2/3 ක යනු පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව මිස රටෙන් 2/3 ක් නොවෙයි. ඒ අනුව අපි ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළා. දැන් අවුරුද්දක් ගතවී තිබෙනවා. බොහෝ දෙනා ආණ්ඩුව වැටෙනවා, වැටෙනවා කිව්වත් එසේ වූයේ නැහැ. වැටුණේ කවුද කියා ඔබතුමන්ලාට මා කිව යුතු නැහැ.

මේක අලූත් සංකල්පයක්. ඒ අනුව අපි එකට එකතු වෙලා වැඩ කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයවත්, යූඑන්පීයවත් නැති කරන්න කියා මම කියන්නේ නැහැ. අපේ අයගේ අදහසක් තිබෙනවා දිනුවේ යුඑන්පියයි. නමුත් රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි කියා. යූඑන්පීය ඇවිත් අපිව නැති කරනවා කියා ශ්‍රී ලනිපයයේ බියක් තිබෙනවා. ටිකෙන් ටික මේ ක්‍රමය වෙනස් කොට අපි ඉදිරියට යා යුතුයි. මේ ගමන තනියම යනවාට වඩා ටිකක් අමාරුයි. නමුත් ඒ ගමන වඩාත් ශක්තිමත් බව කියන්න අවශ්‍යයි. මේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතු වෙලා වැඩ කරන බව දැන් ලෝකය දන්නවා. ඔවුන් තුළ අප කෙරෙහි විශ්වාසයක් පවතිනවා. ව්‍යාපාරිකයින් පැත්තෙන් බැලූවොත් මේ ආණ්ඩුව අයින් වෙලා ඊළඟ ආණ්ඩුවක් ආවත් ඒ ව්‍යාපාර කඩා නොවැටෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබෙනවා. ඊට හේතුව ඇතුළේ ඉන්නේ ඒ පක්‍ෂ දෙක පමණක් නිසයි. වෙනම තරග කරලා ඒ පක්‍ෂය ජයග්‍රහණය කළත් බය වෙන්න දෙයක් නැහැ. හේතුව එදා දෙගොල්ලම හවුලේගත් තීරණ මත සිදුකළ පාලනයක් නිසයි.

දුරදිග දකින ශක්තිමත් ආණ්ඩුවක් අද තිබෙනවා. ඒ නිසා අපි එකට එකතු වෙලා ගම, රට, අනාගතය හදමු. එසේ වුවත් මැතිවරණයේදී අපි වෙන් වෙන් වශයෙන් තරග කරමු. අපේ පක්‍ෂය ශක්තිමත් කිරීමේ යුතුකම හා වගකීම අප වෙත පැවරී තිබෙනවා. යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී මේ විදිහට අපි ඔක්කොම රටත්, ගමත් හදන්න හිතමු. ඒ සඳහා අපි අලූත් යාන්ත්‍රණයක් ගැන කල්පනා කොට තිබෙනවා. ඒ ග්‍රාම රාජ්‍ය සංකල්පයයි. දේශපාලනයෙන් තොරව ඒ සංකල්පය වටා එකතු වෙමු. සැලසුම් හදන්න. අපි ඒ සඳහා ආයෝජන ලබා දෙන්නම්. ගම දියුණු කර ගමේ රැකියා ඇති කරන්න. මොන පාර ද මොන ගොඩනැගිල්ද, මොන වැවද හදන්න ඕන කියලා තීරණය කරන්න ඒ අයට අවස්ථාව ලබා දෙමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 511105525292505585

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item