යහපාලනය ඇඟට දැනෙන්නේ නෑ - මටත්, එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් ප්‍රශ්න තියෙනවා - සුජීව සේනසිංහ

මේ ආණ්ඩුව තුළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යම් යම් ප්‍රශ්න තියෙන බවත්,අතපසුවීම් වන බවත්, තමන් පිළිගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සු...

මේ ආණ්ඩුව තුළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යම් යම් ප්‍රශ්න තියෙන බවත්,අතපසුවීම් වන බවත්, තමන් පිළිගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ  පවසයි.

තමන්ටද එවැනි ගැටළු පවත්නා බව සේනසිංහ  කියා සිටියේ අද(08)සෙත්සිරිපාය රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මෙලනයට අනුබද්ද ජාතික පොදුසේවක සංගමයේ රැස්වීමට එක්වෙමිනි.

පසුගියදා තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වූ අවස්ථාවක තමා සමග සහභාගිවී දෙපැත්තෙන් වාඩිවුණු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනාම මැතිවරණයෙන් පරාජයට පත්වූවන් බව සිහිපත් කළ ඔහු තමා කොළඹ දිස්ත්‍රීක්කයෙන් දෙවන ස්ථානයට වැඩිම මනාප ලබාගත් නමුත් හිමිවූයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් පමණක් බව පෙන්වා දුන්නේය.

එහෙත් පොදු අරමුණක් වෙනුවෙන් පැවති හොර හවුල් පාලනය තවදුරටත් විනාශකර දැමීමට තමන් සුළු සුළු ගැටළු ගැන නොතකා දිගින් දිගටම කටයුතු කරන බව සේනසිංහ  සඳහන් කළේය.

මේ ආණ්ඩුව ගැන ජනතාවට බලාපොරොත්තුවක් ඇතිවාසේම යම් කුතුහලයක්ද පවතිනා බවත්,යහපාලනය යයි කීවද ඒ තරම් ඇඟට නොදැනෙන බවක් පෙන්නුම් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රීය පසුබිම සැකසීම ක්‍රමයෙන් සිදුව ඇති බවත්, එය අදට වඩා හෙට දවසේ දරුදැරියන්ට දැනෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

මීට පෙරාතුව එජාප ආණ්ඩුවක් බලය ලබාගන්නා විට ජනතාවගේ අතමිට යහමින් ගැවසෙන බව හැමෝම පොදුවේ පිළිගන්නා නමුත් මෙවර එසේ වී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සංවර්ධන කටයුතුවලට අතපොවන්නට සිදුවූයේ ඉතාම මෑතක බව කියා සිටි සේනසිංහ  මුල් කාලයේ ඒ සඳහා පදනම සකසන්නට කාලය ගතවූ බව වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. මොන ප්‍රශ්ණද තඹයො. රනිල වගේ බොරැ වැලක් ගොතපන්. අමාරැ නම් පාද යාත්‍රාවෙ අරක්කු දැක්ක අැනිබල් හම්බ වෙයන්.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 3644428194443316343

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item