හිටපු ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ 2000ක් නව සන්ධානයට
නව සන්ධානයක් යටතේ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් 2...

https://www.sathhanda.com/2016/08/udeni-athukorala.html
නව සන්ධානයක් යටතේ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් 2000 ක් මේ වනවිට අයදුම්පත් යොමුකර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදය සඳහන් කරයි.
පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් 2465 ක් පත්වූ බවත්, එම ප්‍රමාණයෙන් 2000 ක් අලුතෙන් සකස් කරන සන්ධානය යටතේ තරග කිරීමට අයදුම්කර තිබෙන බවද එම සංසදයේ කැඳවුම්කරු උදේනි අතුකෝරළ සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විශාල පිරිසකුත් නව සන්ධානය යටතේ තරග කිරීමට ඉල්ලුම්කර තිබෙන බවද පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලුම දෙනාට අවස්ථාව ලබාදෙන බවත්, අයදුම් කර තිබෙන පිරිස් සම්මුඛ පරීක්ෂණවලට ලක් කර සුදුසුකම් සහිත පිරිසට අවස්ථාව ලබාදෙන බවද සඳහන් කළේය.
ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය ඉලක්ක කරගනිමින් පළාත් පාලන ආයතන බලප්‍රදේශ තුළ වැඩකටයුතු කිරීම සඳහා සෑම පළාත් පාලන ආයතනයක් තුළම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයන් කිහිප දෙනෙකු දැනටමත් පත් කර තිබෙන බවත්, එම පත්කිරීම මේ වනවිට අවසන් වී තිබෙන බවද පවසා සිටියේය.
Related